Regione Toscana
FAQ ricongiungimento - Singalese

පවුලේ අයට එකතුවීම සඳහා NULLAOSTA කොලෙය ගැනීමට ඇති ප්‍රශ්න හා පිලිතුරු

1.කුමන ස්පොර්තෙල්ලෝ යුනීකෝ  (SPORTELLO UNICO) නුල්ලා ඔස්තා එක ඉල්ලුම් කරන්නේ?
ඉල්ලුම් කර යුත්තේ පරීගනක මාර්ගයෙන්.

2.කුමන හේතුවක් නිසාඩ ගමන් බලපත්‍රය හා වෙන හැඳුනුම් පතක් ඇතුලත් කල යුතු වන්නේ?
එන අයිතිකරුගේ ගමන් බලපත්‍රයේ තිබෙන ප්‍රධන තොරතුරු හා NULLAOSTA ගැනීමට ඉදිරිපත් කල තොරතුරු එක සමානද කියා සසඳා බලා පසුව වීසා නිකුත් කරන්නේ.

3.නගර සභාවෙන් දෙන IDONEITA’ ALLOGGIATIVA  මුල් පිටිපත්  (ORIGINALE) සහතිකය ඉදිරිපත් කල යුතුද?
ඔව්.

4.කුමන ස්ථානයෙන්ද  IDONEITA’ ALLOGIATIVA එක ඉල්ලුම් කරන්නේ?
ඉල්ලුම් කල යුත්තේ තමන්ගේ නිවස පිහිටා තිබෙන  නගර සභාවෙන්.

5.අවුරුද්දේ බදු මුදල් UFFICIO DEL REGISTRO ගෙවු  බවට.   MODELLO F23 කොපිය.

6.තමන්ගේ සහෝදරයකු සමඟ එකතුවී ආදායම පෙන්නුම් කරන්නේනම් මෙයට අවෂ්‍ය දේ?
සහෝදරයා ඉදිරිපත් කල යුතු වන්නේ  තමන්ගේ ආදායම සහ රැකියාවේ ලියකියවිලි.

7.පවුලේ අයගේ ලියකියවිලි ඉදිරිපත් කරන්නේ කාටද?
ඉතාලියට ඇතුල්වීමට වීසා ඉල්ලුම් කරන විට.  NULLAOSTA කොලය ඉල්ලුම් කල අයට එය ලැබුනාට පසු  එම කොලය සමඟ නෑකමට ඇති සහතික, විවාහ සහතිකය, හා අවෂ්‍ය සියළුම ලියකියවිලි ඉතාලි භාෂාවට  පරිවර්තනය කර, ඒවා නීත්‍යානුකුල බව  ඔප්පු කර තමන්ගේ රටේ  ඉතාලි රජයෙන් පිලිගෙන ඇති කර්යාලයට ඉදිරිපත් කරන්න.

8.ඉල්ලන සහතික තමන්ගේ රටේ කර්යාලයෙන් ගැනීමට නොහැකි නම් හෝ ඒවා ගැන සැකයක් ඇතිනම් එයට කරන්නේ මොනවද?
ඉතාලි රජයෙන් තමන්ගේ රටේ පිලිගෙන ඇති කර්යාලයට DNA පිරිකෂනය කරසහතිකය දීමට පුළුවන්. එයට අයිතිකරු ගෙවීම් කල යුතුයි.

9.තමාගෙන් යැපෙන අවුරුදු 18න් ඉහල දරුවන්ගේ සෞඛ්‍යය තත්වය ඔප්පු කලයුත්තේ කෙසේද?
ඉතාලි රජයෙන් පිලිගෙන ඇති කර්යාලයෙන් ලබාදී ඇති වෛද්‍යා වරයා එම සහතිකය දෙන අතර අයිති කරු විසින් ගෙනීම් කල යුතුයි.

10.ස්පොර්තෙල්ලෝ යුනීකෝ  (SPORTELLO UNICO)  එකෙන් සියළුම ලියකි යවිලි පරිකෂා කිරීමෙන් පසු ඉල්ලුම් කරුට පැමිනෙන ලෙස දන්වා සිටින අතර ඒ එන විට MARCA DA BOLO EURO 16 රැගෙන ආ යුතුය.

ඉල්ලුම් පත්‍රය යවනු ලැබුවේ 27-01-2014 දිනට පසුව නම්,  NULLAOSTA  කොලය නොලැබෙනු ඇත. ඒ වෙනුවෙන් NULLAOSTA   ලැබුන බවට දැන්වීමක්  දෙනු ඇත තවද SPORTELLO UNICO වල දුරකථන අංකය ලියා දෙන අතර  එන කෙනා ඉතාලියට පැමින දවස් 8ක් ඇතුලත SPORTELLO UNICO PER L’IMMIGRAZIONE සමග කථා කල යුතුය.

11.NULLAOSTA  එක කොපමණ කාලයක් වලංගුද?
එය තමන්ට ලැබුනු දින සිට මාස 6යක් වලංගුය.

12.ඉල්ලුම් පත්‍රය 27-01-2014 දිනට කලින් යවනු  ලැබුවේ නම්:  ස්වාම පුරුෂයාගේ හෝ භාර්යාවගේ හෝ දරුවන්ට හෝ ලඟම ඤාතීන්ට බලය පැවරීමේ ලියවිල්ලකින් කල හැක.

වෙනත් කෙනෙකු  කරනවානම් බලය  පැවරීමේ ලියවිල්ල නොතාරිස් විසින් අත්සන කර සහතික කල යුතුය.

ඉල්ලුම් පත්‍රය යවනු ලැබුවේ  27-01-2014 දිනට පසුව  නම්:  NULLAOSTA  ලැබුන බවට දෙන දැන්වීම ඔනෑම කෙනෙකුට ගැනීමටහැකිය. එයට බලය පැවරීමේ ලියවිල්ල සමග අයිති කරුගේ හැඳුනුම් පතේ කොපියක් තිබිය යුතුය.

13.ඉල්ලුම් පත්‍රය 27-01-2014 දිනට කලින් යවනු  ලැබුවේ නම්:  තමන්ගේ රටේ  NULLAOSTA  කොලය අයිති කරුට යැවිය යුතුය. ඉතාලියට ඇතුල් වීමට වීසා ගැනීම සඳහා නෑකම ඔප්පු කිරිමට ඇති සහතිකද අරගෙන ඔහු ඉතාලි රජයෙන් පිලිගෙන ඇති කාර්යාලයට යායුතුය.

ඉල්ලුම් පත්‍රය යවනු ලැබුවේ  27-01-2014 දිනට පසුව  නම්: NULLAOSTA  කොලය නොලැබෙනු ඇති. ඒ වෙනුවෙන්  NULLAOSTA ලැබුනු  බවට දැන්වීමක්  දෙනු ඇත. දැන්වීම ලැබී මාස 6ක් ඇතුලත අයිතිකරුට ඉතාලි රජයෙන් පිලිගෙනෙ ඇති කාර්යාලයෙන් වීසා ඉල්ලුම් කල යුතුය.

14.කුමන ස්ථානයෙන්  RICONGIUNGIMENTO FAMILIARE එකට වීසා එක ලබාගන්නේ?
එන අය පදිංචි රටේ ඇති ඉතාලි රජයෙන් පිලිගෙන ඇති කාර්යාලයෙන්.

15.ඉල්ලුම් පත්‍රයේ ලිවිය යුත්තේ එන අයිති කරුගේ ප්‍රධාන තොරතුරු හා ගමන් බලපත්‍රයේ තොරතුරු හෝ වෙනස් ගමන් බලපත්‍රවල තොරතුරුයි (රටක් නොමැති අයට තිබෙන ගමන් බලපත්‍ර, සරනාගත අයට තිබන ගමන් බලපත්‍ර, ට්මන්ගේ රටෙන් ගමන් බලපත්‍රයක් ගැනීමට අපහසු වීමෙන් ඒ වෙනුවට තිබෙන ගමන් බලපත්‍රය.  UN ස්ථානයෙන් දෙන ගමන් බලපත්‍රය,  NATO   ස්ථානයෙන් දෙන ගමන් බලපත්‍රය).

වීසා ඉල්ලුම් පත්‍රය සමඟ ගමන් බලපත්‍රය හෝ පිලිගත් වෙනත් ගමන් බලපත්‍රය, හා    NULLAOSTA  කොලය හා නෑකම් ඔප්පු කරන සහතික ඉදිරිපත් කල යුතුය.

16.කුමන කාලයකදීද වීසා එක ලබා ගැනීමට හැකි වන්නේ?
දවස් 30 ඇතුලත වීසා එක ලබා ගතහැක.

17.ඔව්. තමන්ට තේරෙන භාෂාවෙන් දැන්වීමක් ( තමන්ගේ භාෂාව නොමැතිතිනම් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ප්‍රංශ  භාෂාවෙන් හෝ ස්පාඤඤ භාෂාවෙන් හෝ අරාබි භාෂාවෙන්). එම දැන්වීමේ තිබෙන්නේ තමන්ගේ  අයිතිවාසිකම් හ ඉතාලියට ඇතුල්වීම හා ඇතුල්වීමෙන් පසුව කල යුතු දේවල්.

ඉතාලියට ඇතුල් වී දින 8ක් ඇතුලත  SUI  ස්ථානයට යායුතුය.

18.ඉතාලි රජයෙන් පිලිගන ඇති කාර්යාලයෙන් වීසා එක දෙන බව දැනුම් දිය යුත්තේ කාටද?
ස්පොර්තෙල්ලෝ යුනීකෝ එකට  (SPORTELLO UNICO)  පරිගනක මර්ගයෙන්.

19.පැය 48ක් ඇතුලත ආරකෂක ස්ථානයකට  ලියවිල්ලකින්  දැනුම් දිය යුතුය (පොලිසිය හෝ කරබිනියේරි). තමන්ගේ කෙනෙකුට හෝ ලියවිල්ලකින් දැනුම් දිය යුතුය.

ඒ දැනුම් දීමේදී ආගන්තුකයාගේ ගමන් බලපත්‍රයේ තොරතුරු හා නවාතැන පිහිටි ස්ථානයේ ලිපිනය තිබිය යුතුය. මේවා නොකලහොත් එයට  EURO 160   සිට  EURO1100ක් දක්වා මුදලක් දඩ මුදල් වශයෙන් ගෙවීමට සිදුවනු ඇත.

20.ඉතාලි රජයෙන් පිලිගෙන ඇති කාර්යාලයෙන් ලියවිල්ලක් එය දැනුම් දෙනු ඇත. එම ලියවිල්ලෙහි වීසා නොදීමට හේතුව සඳහන් වී ඇති දෙවල්; ඉල්ලුම් කරන විට සඳහන් වුන සුදුසුකම් නොමැතිනම්. රජයෙන් දඩ්‍රවම් ලැබී ඇතිනම් , කුඩ්‍ර ප්‍රශ්න, දුෂණ ප්‍රෂන, ඉතාලියට නීති විරෝධී ලෙස මිනිසුන් ඇතුල් කිරීම, ඉතාලියෙන් වෙන රටවලට නීති විරෝධී ලෙසෙ මිනිසුන්  ඇතුල් කලානම්, ගනිකා වෘතියට යෙදෙව්වානම්, අවුරුදු 18න් පහල ලමයින්ගෙන් තහනම් ලෙස වැඩ පල ගත්තා නම්.

ඉල්ලුම් කල අයට ඉතාලි භාෂාව තේරෙන්නෙ නැතිනම් එම දැන්වීම තමන්ගේ  භාෂාවෙන් ලැබෙයි. එසේ නොමැතිනම් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ප්‍රංශ භාෂාවෙන් හෝ ස්පාඤඤ භාෂාවෙන් හෝ අරාබි යන භාෂා වලින් ලබා ගත හැක.

21.ආදායමක් නොමැති පුද්ගලයෙකුට NULLAOSTA  එක ඉල්ලුම් කල හැකිද?
ඔව්. තමන්ට ආදායමක් නොමැති  නම් ස්වම් පුරුෂයා හෝ භාර්යාවගේ හෝ තමන් සමඟ එකට ජීවත්වෙන කෙනෙකුගේ ආදායම එයට එකුතු කර ගත හැකිය.

22.ඉතාලි පුරවැසි භාවය  නොමැති මෙ රටේ සරනාගත භාවය තිබෙන හා මෙහි සිටීමට අවසර ඇති සහා ඉතාලි පුරවැසි භාවය නොමැති ඉතාලි රජයේ මුදල්  වලින් උදව් තිබෙන  අයට පවුලේ අය ගෙන්වීම සඳහා  NULLAOSTA  ඉල්ලුම් කල හැකිද?
ඔව්. ඔහ්න් මුදල් හා නවාතැනක් තිබෙන බව ඔප්පු කිරීමට උවමනාවක් නොමැත.

23.වෙනත් පිලිගනු ලබන බලපත්‍ර:

  • රටක් නොමැති අයට තිබන ගමන් බලපත්‍රය;
  • සරනාගත අයත තිබන ගමන් බලපත්‍රය;
  • තමන්ගේ රටෙන් ගමන් බලපත්‍රයක් ගැනීමට අපහසු වීමෙන් ඒ වෙනුවට තිබන ගමන් බලපත්‍රය;
  • UN ස්ථානයෙන් දෙන ගමන් බලපත්‍රය;
  • NATO ස්ථානයෙන්  යුද හමුදාවේ අයට දෙන ගමන් බලපත්‍රය;
  • මුහුදු බඩ වැඩකරන අයට දෙන ගමන් බලපත්‍රය;
  • ගුවන් යානා වල වැඩකරන අයට දෙන ගමන් බලපත්‍රය;
  • යුරෝපා හවුකේ රටවල්වල පුරවැසි භාවය ඇති අයගේ හැඳුනුම් පත;

·හැඳුනුම් පත හා වෙනත් ලියකිවිලි ගමන් බලපත්‍රය නැතිකිරීම සඳහා යුරෝපයෙන් ගිවිසුමක් අත්සන් කිරිම (13-12-1957 දින පැරිසියේදී අත්සන් කර ඇත) මෙයට අත්සන් කල රටවල්වල පුරවැසියන්ට ඉහට ලියකියවිලි  පාවිච්චි කල හකෙ.

24.NULLAOSTA  එක ලබා ගත්තාට පසු තමන්ගේ රටෙහි සිටින කෙනා කල යුතුදේ කුමක්ද?
ඉතාලි රජයෙන් පිලිගෙන ඇති කාර්යාලයෙන් පැමිණ සියළුම ලියකියවිලි ඉදිරිපත් කල යුතුය (තමා ඉල්ලුම් කල වීසා එක, ඉතාලිය සිට තමන්ගේ කෙනා එවු ලියකියවිලි සියල්ල සමඟ තමන්ගේ නෑකම තහවුරු කිරීමේ සහතිකයක්ද ඇතුලත් කල යුතුය).

25.ඉතාලියට පැමින දවස් 8ක් ඇතුලත SPORTELLO UNICO PER L’IMMIGRAZIONE සමග කථා කල යුතුය. පසුව ඒ අය ලියශියවිලි ඔවුනට භාරදෙයි:

  • CODICE FISCALE සහතිකය;
  • ඉතාලි රටේ නීත්‍යානුකුලය සිටීමට තිබෙන ගිවිසුම අත්සන් කිරීමට හා ඉගෙන ගතයුතු දෙවල් කිරීමට වේලාවක් දීම;
  • පවුලේ අයගේ එකතුවීම සඳහා දෙනු ලබන රැඳී සිටීමේ  අවසර පත්‍රය ගැනීම සඳහා තැපෑලෙන් යැවීමට තිබෙන ලියවිල.

එම ලියවිලි යැවු පසු ෆොටෝ ගැනීමට හා ඇංගිලි සලකුනු දීම සඳහා QUESTURA ස්ථානයට යන දිනය දැනුම් දෙයි. ඊට පසු පවුලේ අයගේ

එකුතුවීම සඳහා දෙන රැඳී සිටීමේ  අවසර පත්‍රය ලැබයි (PERMESSO DI SOGGIORNO) හෝ එය නොදෙන හේතුව.