Regione Toscana
Nullaosta පවුලේ අය මෙ රටට ගෙන්වීමට (Nullaosta al ricongiungimento familiare)

ඉල්ලුම් කිරීමට හැකිවන්නේ?

නිත්‍යානුකුල අවසර ඇතිව සිටීමත්, රැකියාවකුත් සහා නිවසක් තිබෙන අයට පමනය.

 

ඉල්ලුම් කරුට එයට අවශ්‍ය දේවල්?

ආදායම: " assegno sociale " තුලින් ලැබෙන අවුරුද්දක ආදායමට නැවත එම් ආදායමට " assegno sociale "  තුලින් ලැබෙන මුදලින් බාගයක් එයට එකට විය යුතුය (උදා: 2015 දී එක් අයෙකු ගෙන්වීමට 8.764,14 € ආදායමක් අවශ්‍යය වන අතර දෙදෙනෙකු ගෙන්වීමට 11.661,52 € ආදායමක් අවශ්‍යය වේ. හා වෙනත්)

නවා තැනකෂ ඉල්ලුම් කරන අවස්ථාවෙදී තමන්ට නිවසක් තිබිය යුතු අතර එම කුලි නිවසේ ගිවීසුම් පත හා "idoneità alloggiativa " සහතිකය  අවශ්‍යය.

එය  Comune  න් ලබා ගත හෑක.

 

තම්න්ගේ පිටරට සිටින පවුලේ ගෙන්වීමට හැකි අය?

විවාහක බිරීද හා ස්වාමි පුරුෂයා නිත්‍යානුකුලව වෙන් නොවිම හා වයස අවුරුදු 18 ක් සම්පුර්ණ වීම.

බළ වයස ලමුන්, බිරිඳ හා ස්වාමි  පුරුෂයා වීවාහ වීමට කලින් ලැබුනු දරුවන් හෝ විවහයෙන් පසු ලෙබුනු දරුවන් ( මව හෝ පියා කැමැත්ත දිය යුතුය)

වයසින් වැඩි ‍යැපෙන ලමුන්, සෞඛ්‍යය  තත්වය අනුව ගෙන්විය හෙක (සම්පුර්ණයන්ම ආබාධිත අය)

යැපෙන දෙමව්පියන්:

අවුරුදු 65 දක්වා: තමන්ගේ රටේ වෙන දරුවන් නොමැතිනම් සහා යැපෙන්නේ ඉතාලියේ සිටින දරුවගෙන් පමනක්නම් (කිසිම ආදායමක් නොමැති වියයුතුය)

අවුරුදු 65 න් ඉහල: වෙනත් දරුවන් සිටීනමි ඔවුන්ට අධික් සෞඛ්‍යය ප්‍රශ්ණ ඇතිනම් ඉතාලි තානපති කර්යාලය මගින් සොයා බලනු ඇත.

 

ඉල්ලුම් කරන්නේ කෙසේද?

පවුලේ අයව මෙ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය  වෙන " nullaosta "   ඉල්ලුම් කරන්නේ මෙම වෙබ් අඩව්යෙන් https://nullaostalavoro.interno.it

මෙම ඉල්ලුම් පත්‍රය පිරවීම සඳා උදව් ලබා ගත හැකි වන්නේ, නගර සභාවෙන් හා "Patronati"  ගෙන්ද මෙහි සේවය කර සංවිධාන වලින්.

 

පවුලේ අය ඉතාලියට පැමිනියට පසු?

ඉතාලියට පැමිනි පසු දවස් 8 ක් ඇතුලත රැඳිසිටීමේ බලපත්‍රය ඉල්ලුම් කිරීමට " Sportello Unico per l’Immigrazione  " එකට කතා කර දිනයක් ලබා ගත යුතුය.

 

Sportello Unico Immigrazione යෑමෙන් පසු කලයුතු දේවල්?

මෙම කර්   කර්යාලවලට  යායුතුයි:

Poste Italiane  ( ඉතාලි තැපැල් හල්) : රඳි සිටීමෙ බලපත්‍රය ලබා ගැනිමට ඉල්ලුම් පත්‍රය යැවිම   Comune di residenza  (පදිංචි නගර සභව) : පදිංචිය තහවුරු කිරීමට ( Iscrizione Anagrafica )

 Azienda ASL   : සෞඛ්‍යය  කඩ් පත ගැනිමට (  Iscrizione al Servizio Sanitario Nazionale )

 Questura  : දිනයක් ලැබුනු පසු සලකුණු දීමට යෑම හා රඳි සිටීමේ බලපත්‍රය ලබා ගෙනිමට යෑම.