Regione Toscana
ඒකීය වීමේ ගිවිසුම - Accordo di integrazione

ඒකීය වීමේ ගිවිසුම - Accordo di integrazione

කෙසේද
ඒකීය වීමේ ගිවිසුම යනු ඉතාලි රජය හා යුරෝපා සංගමයට අයත් නොවන රට වල විදේශිකයා අතර ඇති ගිවිසුමකි. මෙයින් වෙන්නේ එක්වීමට පහසුවීම සඳහා ඉතාලි භාෂාව සහා ඉතාලියේ ප්‍රධාන නීති රීති  ඉගෙනීමට උදව් කිරීමයි.

ගිවිසුම අත්සන් කරන්නේ කවුද
මෙයට  අත්සන් කිරීමට හැකිවන්නේ අවුරුදු 16 න් ඉහල  යුරෝපා සංගමයට අයත් නොවන රට වල විදේශිකයන්ට  වන අතර ප්‍රථම වතාවට  ඉතාලියට ඇතුල් වී අවුරුදු 1 කට  නො අඩු කාලයක රැඳී සිටීමේ බලපත්‍රයක් ඉල්ලුම් කරන අයටයි.

ගිවිසුම අත්සන් කරන්නේ කුමන අවස්ථා වේද
ගිවිසුම අත්සන් කරනු ලබන්නේ  Sportello Unico per l'Immigrazione - Prefettura  ස්ථානයෙන්  හෝ Questura  තැනින්   රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කිරීමට  වෙන් කල දිනයටයි.
මෙම අවස්ථාවෙදී තම මව් භාෂාවෙන් හෝ වෙනයම් තේරෙන භාෂාවකින් පරිවර්තනය කොට ගිවිසුම ලැබෙයි.
වයස අවුරුදු 16, 18 අතර ළමුන්ගේ දෙමව්පියන් හෝ ඉතාලියේ නිත්‍යානු  කූලව සිටින භාරකරුවකු මෙයට අත්සන් කල යුතුයි.

ගිවිසුම අත්සන් කරන්නේ කොයි ස්ථාන වලද

Prefettura: රැකියා වීසාවක් හෝ පවුලට සම්බන්ධ වීසාවකින් ඉතාලියට ඇතුල් වීම.
Questura:  ඉගෙනීම, ආගම, රැකියාවක් නොකර තමාගේ මුදලින් ජීවත් වීම හා විශේෂ  නැවත එකතු වීම සම්බන්ධ වීසාවලින්  ඉතාලියට ඇතුල් වීම.

පරික්ෂාව කල යුතු වන්නේ කවුද
මෙම  හේතු වලට  ඉතාලියට ඇතුල් වුන අයට:

  • රැකියාවට
  • ඉගෙනීමට
  • රැකියාවක් නොකර තමාගේ මුදලින් ජීවත් වීමට
  • ආගමට

අවුරුදු 2 කට පසු Prefettura ස්ථානයෙන්  ගත් ලකුණු ගණන පරික්ෂා කර බලනු ඇත. ( ලකුණු වලට ලයිස්තුව බලන්න  tabella dei crediti)

තොරතුරු දැන ගැනීම සඳහා

Sportello Unico per l’Immigrazione (Prefettura di Firenze)

Via Giacomini, 8 – Firenze
දුර කථන අංකය  055 2783643 - සඳුදා, අඟහරුවදා, බදාදා හා බ්‍රහස්පතින්දා 9.00 - 12.00
ඊ-මේල්: immigrazione.pref_firenze@interno.it
සහතික කර ඇති ඊ-මේල්: immigrazione.preffi@pec.interno.it

වැඩි තොරතුරු දැන ගැනීම සඳහා
www.immigrazione.regione.toscana.it > Area tematica > Accordo di integrazione

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione