Regione Toscana
ඒකීකරනය වීමට ඇති ගිවිසුම සඳහා ප්‍රශ්න හා පිලිතුරු - Domande e risposte sull' Accordo di integrazione

ඒකීකරනය වීමට ඇති ගිවිසුම සඳහා ප්‍රශ්න හා පිලිතුරු - Domande e risposte sull' Accordo di integrazione

අත්සන් නොකරන අය

ලෙඩ දුක් ඇති අය හෝ ආබාධිත අයට තමන්ගේ දේවල් කරගැනීමට නොහැකි කම හා තේරුම් ගැනීමට අපහසු කම ඇතිනම්. මෙම දේවල් තිබෙන අය රජයේ රෝහලිකින් හෝ  Servizio sanitario nazionale  ලියා පදිංචි වී ඇති වෛද්‍ය වරයෙකුගේ සහතිකයක් පෙන්විය යුතුය.

අත්සන් නොකරන අවස්ථා:

  • අවුරුදු 18න් පහල අය තනිවම පැමිනිම හෝ වෙන කෙනෙකුට බාර දී ඇත්නම්; මෙම අයට ගිවිසුම වෙනුවෙන් එක්වීමට ඇති අරමුණ නවතා දමනු ඇත;
  • දූෂණ හා වංචාවලට හසුවුන අයට; මෙම අයට ගිවිසුම වෙනුවෙන් එක්වීමට ඇති අරමුණ සම්පූර්ණ කරනු ඇත.

යුරෝපා සංගමයට අයිති නොමැති රටවල් වල විදේශිකයා ගිවිසුම අත්සන් කලහොත් බාර ගත යුත්තේ මොනවාද?
යුරෝපා සංගමයට අයිති නොමැති රටවල් වල විදේශිකයා මෙම දේවල් වලට පොරොන්දු වෙනවා:

  • ඉතාලි භාෂාව ඉගෙන ගැනීම;
  • ඉතාලි රජයේ  ප්‍රධාන ව්‍යවස්ථා වලිය ඉගෙන ගැනීම හා රජය වැඩ කටයුතු කරන ආකාරය පිලිබඳ ඉගෙන ගැනීම;
  • ඉතාලියේ ජීවත් වන ක්‍රමය ඉගෙන ගැනීම, විශේෂයෙන් සෞඛ්‍යය පිලිබඳ, පාසැල, සමාජය පිලිබඳ උදව්, රැකියා, අනිවාර්‍යයෙන් රජයට ගෙවිය යුතු බදු මුදල්;
  • අවුරුදු 18න් පහල ලමුන් පාසැල් යැවීමට පොරොන්දු වීම;
  • රජයට ගෙවීමට ඇති බදු මුදල් හා දායක මුදල;
  • Carta dei valori della cittadinanza e dell'integrazione  කොලය බාර ගෙන එහි ඇති දේවල් අනුගමනය කිර්‍රිම.

ඉතාලි රජයෙන් බාර ගනු ලබන දේවල්?
මෙම ගිවිසුමෙන් රජයේ පොරොන්දු විම්:

  • පුද්ගලයාගේ ප්‍රධාන අයිති වාසිකම් ආරක්ෂා කිරීම, එක සමාන කිරීම: ගැහැනු පිරිමි භේදයකින් තොරව, ජාතිය, භාෂාව, ආගම, දේශපාලන  භේදයකින් තොරව, තත්වයෙන් තොරව. හැම වෙනස්කම් වලක්වනු ඇත;
  • ඉතාලි රජයේ  ප්‍රධාන ව්‍යවස්ථා හා නීති රීති තොරතුරු දැන ගැනීමට උදව් කිරීම;
  • රජය, පලාත් සභාව, නගර සභාව එකතු වී වෙනත් කෙනෙකු යටතේ සේවය කරන්නාගේ රැකියාවේ අයිති වාසිකම් ආරක්ෂා කිරීම, සෞඛ්‍යය පහසුකම් පිලිබඳ හා අවුරුදු 18න් පහල ළමුන්ගේ පාසැල් අයිති වාසිකම් ආරක්ෂා කිරීම;
  • රජය, පළාත් සභාව, නගර සභාව, සංගම් මගින් ගිවිසුම අත්සන් කල අයට වැඩියෙන් ඒකියවීමට උදව් කිරීම;
  • ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මාස 3ක් ඇතුලත ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳව  ගෙවීමකින් තොරව පාඨමාලාවක් හැදැරීමට උදව් කිරීම.

පාඨමාලාවෙන් කෙරෙන දේවල් මොනවාද?
පාඨමාලාවෙන් මෙම කරුණු ගැන තොරතුරු දීම:

  • ඉතාලි රජයේ  ප්‍රධාන ව්‍යවස්ථා වලිය ඉගෙන ගැනීම හා රජය වැඩ කටයුතු කරන ආකාරය පිලිබඳ ඉගෙන ගැනීම;
  • ඉතාලියේ ජීවත් වන ක්‍රමය ඉගෙන ගැනීම, විශේෂයෙන් සෞඛ්‍යය පිලිබඳ, පාසැල, සමාජය පිලිබඳ උදව්, රැකියා, අනිවාර්‍යයෙන් රජයට ගෙවිය යුතු බදු මුදල්;
  • පදිංචි පළාතේ ඒකියවීමට උදව් කිරීම සඳහා තිබෙන දේවල් දැනුවත් කිරීම;
  • රැකියාව හා සෞඛ්‍යය පිලිබඳ නීතිරීති දැනුවත් කිරීම;
  • යුරෝපා සංගමයට අයිති නොමැති රටවල් වල විදේශිකයාගේ අයිතිවාසිකම් හා යුතුකම්:
    • රැඳී සිටීමේ බලපත්‍රයේ දේවල්;
    • දෙමව්පියන් ගෙන් දරුවන්ට ඉතාලි නීතිය යටතේ ලැබිය යුතු දේවල් හා අනිවාර්‍ය්යෙන් පාසැල් යැවීම.

පාඨමාලාව සඳහා ගත වන කාළය පැය 10කි. එය හැදෑරීමට අවශ්‍ය දේවල් මව් භාෂාවෙන් හෝ වෙනයම් භාෂාවෙකින් ලබාගත හැක.

ගිවිසුම වලංගු කාලය
ගිවිසුම අවුරුදු 2ක් වලංගු අතර තව අවුරුදු 1කට කාලය දීර්ඝ කල හැක.

ලකුණු ලබා ගන්නේ කෙසේද
ලකුණු ලබා ගන්නා ක්‍රමය:

  • ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳ පාඨමාලාවට හා ඉතාලි භාෂාව පාඨමාලාවට සහභාගි වී අන්තිම විභාගයෙන් සමත් වීම. මෙම  පාඨමාලාව කෙරෙනු ලබන්නේ CPIA (Centri Provinciali per l'Istruzione gli Adulti) සහා එයට සම්බන්ධ ස්ථාන මගිනුයි.
  • Ministero degli Affari Esteri සා  Ministero dell'Istruzione, dell'università e della ricerca: Università degli Studi Roma Tre, Università per Stranieri di Perugia, Università per Stranieri di Siena, Società Dante Alighieri යන  පිලිගත් ආයතනයකින්  A2 මට්ටමේ සහතිකයක් තිබිය යුතුය.

ගිවිසුම වලංගු කාලය තුලදී පුද්ගලයා විසින් දෙනු ලබන සහතික වලට ලකුණු දෙනු ඇත. ( ලකුණු වලට ලයිස්තුව බලන්න tabella dei crediti)

ලකුණු නැති වන්නේ කෙසේද
ලකුණු නැති වන්නේ මෙම අවස්ථාවල් වලදී:

  • අවසන් හෝ අවසන් නැතිව උසාවිය මගින් අපරාධ සඳහා දඬුවම් ලැබීම;
  • අවසන් හෝ අවසන් නැතිව ආරක්ෂාව සඳහා ගත් තිරණ;
  • රජයට ගෙවිය යුතු මුදල් හා පරිපාලන කටයුතු වංචා සඳහා මුදලින් දඬුවම් ලැබීම.

අපරාධ ප්‍රශ්න හා  පරිපාලන කටයුතු වංචා හා රජයට ගෙවිය යුතු මුදල් ප්‍රශ්න හා වෙනත් දේවල් වල බරපතල කම අනුව ලකුණු අඩු වනු ඇත.
ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳ පාඨමාලාවට නොගිය හොත්, ගිවිසුම අත්සන් කරන වේලාවේ දී ලකුණු 16 න්  15 ක් අඩු කරනු ඇත.

ගිවිසුම පරික්ෂා කර බැලීම
ගිවිසුමේ අවුරුදු 2 වලංගු කාලය නිමා වීමට මාස 1කට පෙර Sportello Unico per l'Immigrazione ස්ථානයට එන ලෙස පුද්ගලයාට දන්වන අතර   ඒ එන විට ලකුණු ලබා ගැනීමට අවශ්‍ය සහතික හා අවුරුදු 18 න් පහල ළමුන් පාසැල් ගිය බවට සහතිකය හෝ පාසැලට යෑමට කටයුතු කල බවට සහතිකයක් ඉදිරිපත් කල යුතුයි.

ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳව හා ඉතාලි භාෂාවේ මට්ටම ඔප්පු කිරිමට සහතික නොමැතිනම්, Sportello Unico per l'Immigrazione ස්ථානයේ දී ඒ අය විසින් ගෙවිමකින් තොරව විභාගය කිරීමට දෙනු ඇත.

ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳව හා ඉතාලි භාෂාවේ මට්ටම ඔප්පු කිරිමට සහතික නොමැතිනම්, ගෙවිමකින් තොරව මෙම වෙබ් අඩවිය මගින් https://accordointegrazione.dlci.interno.it ඉතාලි භාෂාවේ A2  මට්ටමේ විභාගය හා ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳව  විභාගය සඳහා ලියා පදිංචි වීමට හැකිය.   වෙබ් අඩවියට ඇතුල් විම සඳහා  ගිවිසුම අත්සන් කල අවස්ථාවේ දී ලැබුනු Username හා Password පාවිච්චි කරන්න.

ගිවිසුම පරික්ෂා කිරීම අවසන් වන්නේ කෙසේද
මෙම අවස්ථාවලදි පරික්ෂා කිරීම අවසන් වෙයි:

  • ලකුණු 30 ක් හෝ ඊට වැඩි:  ගිවිසුමෙහි අදාල වු දේවල් සම්පුර්ණ කිරීම. මෙම අවස්ථාවේ දී වැදගත් වන්නේ   ඉතාලි භාෂාව සඳහා A2 මට්ටම හා  ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳ සාමාන්‍ය දැනුමක්.   මෙම  සහතිකය ලබාගත හැකි වන්නේ  CPIA සහ එයට සම්බන්ධ ස්ථාන මගින් හෝ Ministero මගින් පිලිගත් ස්ථාන වලිනුයි;
  • ලකුණු 1 සිට 29 දක්වා හෝ ඉතාලි භාෂාව  හා ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳ මට්ටම නැතිනම්: එම කොන්දේසි ඇතුලුව ගිවිසුම නැවත අවුරුදු 1 කට දීර්ඝ කිරීම. නැවත පුද්ගලයාට  ඉතාලි භාෂාව හා ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳව විභාගය කිරීම සඳහා Sportello Unico per l'Immigrazione දැනුම් දීම;
  • ලකුණු 0: රැඳී සිටිමේ බලපත්‍රය අවලංගු කර ඉතාලියෙන් පිටවීමට දැනුම් දීම.

ගිවිසුම තාවකාලිකව අත්හිටුවීම
පුද්ගලයාට ගිවිසුම තාවකාලිකව අත්හිටුවීමට හෝ දීර්ඝ කිරීමට ඉල්ලුම් කල හැකි වන්නේ බලවත් අපහසුතාවයක් ඇතිනම්ය. එසේ නම් එම හේතු ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි බාර දිය හැක:

  • උසුලා ගැනීමට නොහැකි සෞඛ්‍යය  තත්වයකින් පෙලේ නම් රජයේ රෝහලකින් හෝ Servizio sanitario nazionale ලියා පදිංචි වී ඇති වෛද්‍ය වරයෙකුගේ සහතිකයක් පෙන්විය යුතුය;
  • පවුලේ බලගතු ප්‍රශ්න;
  • රැකියාවේ බලගතු ප්‍රශ්න;
  • පාඨමාලාවකට හෝ රැකියාව සම්බන්ධ  පාඨමාලාවකට සහභාගි වීම;
  • රැකියාවට අවශ්‍ය දේවල් ඉගෙන ගැනීම;
  • ඉගෙනීම සඳහා වෙන රටකට යෑම.

යුරෝපා සංගමයට අයිති නොමැති රටවල් වල විදේශිකයා ගිවිසුම පරික්ෂා කරන්නේ කෙසේද?
පුද්ගලයාට ගිවිසුම පරික්ෂා කිරීමට හෝ තමාගේ තොරතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් මෙම වෙබ් අඩවියට යන්න.
එයට ඇතුල් විම සඳහා  ගිවිසුම අත්සන් කල අවස්ථාවේ දී ලැබුනු Username හා Password පාවිච්චි කරන්න.

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione