Regione Toscana
ඉතාලියේ නීතිය අනුව රැඳි සිටින පවුලේ තැනැත්තා සමඟ යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති රටවල පවුලට සම්බන්ධ විදේශිකයන් එකතු වීම - Coesione familiare o ricongiungimento in deroga di cittadino non comunitario con familiare regolarmente soggiornante

ඉතාලියේ නීතිය අනුව රැඳි සිටින පවුලේ තැනැත්තා සමඟ යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති රටවල පවුලට සම්බන්ධ විදේශිකයන් එකතු වීම - Coesione familiare o ricongiungimento in deroga di cittadino non comunitario con familiare regolarmente soggiornante

කුමක්ද
මෙම ඉල්ලුම් පත්‍රයෙන් තමාගේ බලපත්‍රය පවුලේ හේතු අනුව  රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීම

ඉල්ලුම් කල හැකිවන්නේ කා හටද
යුරෝපා සංගමයට අයිති නොමැති රටවල් වල විදේශිකයා:

  • විදේශිකයා ඉතාලියේ නීතිය අනුව රැඳි සිටිය යුතුයි;
  • මෙම විදේශිකයාට  යුරෝපා සංගමයේ  රටවල් වලට අයිති නොමැති ඉතාලියේ නීතිය අනුව  රැඳි සිටින, නෑදෑ කමක් ඇති  වෙනත් විදේශිකයකුට පවුලේ අය සමඟ එකතු වීමට අවශ්‍ය සුදුසුකම් තිබිය යුතුය.

ඉල්ලුම් කල හැකි කාලය
ඉතාලියට ඇතුල් වුන මුද්‍රාව ගැසු දිනයේ සිට අවුරුදු 1 ක් ඇතුලත හෝ අවලංගු වු බලපත්‍රයෙන් අවුරුදු 1 ක් ඇතුලත ඉල්ලුම කල හැකිය

 අවශ්‍ය ලියකියවිලි

  • 209පෝර්මය (Modulo 209);
  • හැඳුනුම් පතේ ප්‍රමාණය අනුව තිබෙන ඡායා රුප 4 ක් (Questura ස්ථානයට යන දිනයට ගෙන යා යුතුයි);
  • යුරෝ 16,00 Marca da Bollo;
  • ගමන් බලපත්‍රයේ අනු පිටපත් (ඡායා රූපය ඇති පිටුව  හා වීසා පිටු පමනයි);
  • රැඳී සිටීමේ බලපත්‍රය ලබාගැනිමට (LINK alla scheda numero n.8 su contributo) ගෙවු මුදලේ රිසිට් පත;
  • නෑකම සම්බන්ධව ඇති ලියකියවිලි (තමාගේ රටේ ඉතාලි තානාපති කාර්‍යාලයට සම්බන්ධ ආයතනයකින් පරිවර්තනය කර නීත්‍යානු කුල බවට සහතික කල යුතුය);
  • ඉතාලියේ ජීවත් වන  යුරෝපා සංගමයේ  රටවල් වලට අයිති නොමැති නෑදෑයා ගේ වැටුප් ප්‍රකාශයේ අනු පිටපතක් හෝ  ගෘහ සේවයෙහි INPS ගෙවු රිසිට් වල අනු පිටපත්;
  • නිවසේ ජීවත් වීමට සුදුසුකම් (Idoneità alloggiativa) සහ සනීපාරක්ෂාව ඇති (igienico sanitari) බවට තිබෙන සහතික.

සැලකිය යුතුයි: පවුලේ හේතු අනුව තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීම සඳහා යුරෝපා සංගමයේ  රටවල් වලට අයිති නොමැති,  සරණාගත බව ඇති  විදේශිකයා සමඟ නෑකම සම්බන්ධව ඇති ලියකියවිලි පමනක් ඉදිරිපත් කල හැකිය.

ඉල්ලුම් පත්‍රය යැවිය යුත්තේ කෙසේද

රැඳී සිටීමේ බලපත්‍රය කොළයක් නම්, Questura මගින් ඉල්ලුම් කරන්න.
රැඳී සිටීමේ බලපත්‍රය තාක්ෂණික කාඩ් පතක් නම්, බලය දී ඇති තැපැල් හල් (Sportello Amico) මගින් ඉල්ලුම් කරන්න.

මෙම අවස්ථාවේදී:
පුද්ගලයා  තැපැල් කන්තෝරුවේ “Sportello Amico” තැනින් රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කිරීමට අවශ්‍ය Kit  ලබා ගන්න (කවරය, පෝර්මය හා අවශ්‍ය උපදෙස්). පෝර්මය පිරවිමෙන් පසු රැඳී සිටීමේ බලපත්‍රයට ඉල්ලුම් කිරිම හා ලියකියවිලි යැවිය හැකිය.
තැපැල් හලේ සේවකයා විසින් රැකියාවට පැමිණි පුද්ගලයාට Questura ස්ථානයට පළමුව යෑමට ඇති දිනය හා රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කල බවට  දෙන තැපැල් රිසිට් පත ලැබෙයි.
මෙම තැපැල් රිසිට් පත වැදගත් වන්නේ පුද්ගලයා ඉතාලියේ නීත්‍යානු කුලව රැඳී සිටින බවටයි.

තොරතුරු දැන ගැනීම සඳහා

Questura di Firenze
Via della Fortezza, 17 - Firenze
Fax 055 4977062
ඊ-මේල්: immigrazione.fi@poliziadistato.it
සහතික කර ඇති ඊ-මේල්: immig.quest.fi@pecps.poliziadistato.it

 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione