කෙසේද
Servizio Sanitario della Regione Toscana (SSR) මෙහි සේවය ලබා ගැනීමට ලියවීම අවශ්‍ය යයි.
ඉගෙනීම, වේතනය රහිතව ළදරුවන් බලා ගැනීම හා ස්වේච්චා සඳහා රැඳී සිටීමේ බලපත්‍රය ඇති අය Servizio Sanitario Regionale ලියවීමට තමා කැමති නම් කල හැකි අතර එයට ගෙවීමට සිදුවේ.
එසේ නැතිනම් ඒ වෙනුවෙන් ඉතාලියේ වලංගු පෞද්ගලික රක්ෂනයකින් ගෙවිය හැක (ඉතාලියේ හෝ පිට රට රක්ෂනයක්).
රැකියාවක් කරන ශිෂ්‍ය යෙකුට contratto di soggiorno ඇතිනම් ඔහුට අනිවාර්ය හා නොමිලේ SSR අයිතිවාසිකම ලබා ගැනීමට හැක.
Servizio Sanitario Regionale ට ලියවීමට හැකි වේලාව
නගර සභාවේ තමාගේ තොරතුරු ලිය වුනාට පසු හා රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කර තැපැල් කිරීමෙන් පසු ලියවීමට හැකිය.
ලිය වෙන්නේ කෙසේද
පදිංචිය ඇති පලාතේ හෝ ජිවත් වන පලාතේ Azienda Sanitaria Locale (ASL) ස්ථානයෙ හි ලිය වීමට හැකිය. තමාගේ පවුලට වෛද්‍ය වරයෙකු තෝරා ගන්නේ මෙම වේලාවේ දියි. ගෙවීමකින් තොරව තමාගේ වෛද්‍ය වරයා හමු වීමට පුලුවන.
අවශ්‍ය ලියවිලි
සෞඛ්‍යය කාඩ් පත
ලිය වීමෙන් පසු සෞඛ්‍යය කාඩ් පත තමාගේ නිවසට ලැබෙන අතර එයින් Servizio Sanitario della Regione Toscana හි සෑම සේවයක් සඳහා පාවිච්චි කිරීමට අවසර ඇත.
Servizio Sanitario Regionale හි කරන සේවාවන්
පහත සඳහන් ලැයිස්තුවේ ඇත්තේ ප්‍රධාන සේවා වනුයි. Regione Toscana මගින් වෙනත් සේවාවන් දෙනු ඇත (තමා ජිවත් වන පළාතේ Azienda Sanitaria ස්ථානයෙන් විමසන්න).
යුරෝපා සංගමයේ වෙනත් රටක තාවකාලික රැඳී සිටීම
ඉතාලියේ සෞඛ්‍යය කාඩ් පතෙන් යුරෝපා සංගමයේ වෙනත් රටක දී සෞඛ්‍යය සේවය ලබා ගැනීමට හැකිය. (සැලකිය යුතුයි: ඉතාලියේ නොමිලේ කරන සේවාවන් වලට, යුරෝපා සංගමයේ වෙනත් රටක දී ඇතැම් විට ගෙවීමට සිදු වේ).
ලිය වීමේ වලංගු කාලය
ලිය වීමේ අවසන් දිනය දෙසැම්බර් 31 වන අතර සෑම අවුරුද්දකම එය අලුත් කල යුතුය.
අවුරුද්දේ කුමන කාලයක ලියවීම කලත්, ඒ සඳහා අවුරුද්දේ සම්පුර්ණ මුදල ගෙවීමට සිදුවේ.
තොරතුරු දැනගැනීම සඳහා
Azienda Sanitaria Locale
Aziende Sanitarie Locali (Toscana)