කෙසේද
Servizio Sanitario della Regione Toscana (SSR) මෙහි සේවය ලබා ගැනීමට ලියවීම අවශ්‍ය යයි.
යුරෝපා සංගමයේ රටවල් වලට අයිති දීර්ඝ කාලීන රැඳී සිටීමේ බලපත්‍රය ඇති අය Servizio Sanitario Regionale ලියවීමට අනිවාර්ය වන අතර එය නොමිලේ කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්
යුරෝපා සංගමයේ රටවල් වලට අයිති දීර්ඝ කාලීන රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට පෙර නොමිලේ කරන SSR හි ලිය වීමට අවසර නොලද නම් පුද්ගලයා තමා කැමැත්තෙන් හා ගෙවීමට ඇති SSR යට ලිය විය යුතුයි.
එසේ නැතිනම් ඒ වෙනුවෙන් ඉතාලියේ වලංගු පෞද්ගලික රක්ෂනයකින් ගෙවිය හැක (ඉතාලියේ හෝ පිට රට රක්ෂනයක්).
Servizio Sanitario Regionale ට ලියවීමට හැකි වේලාව
නගර සභාවේ තමාගේ තොරතුරු ලිය වුනාට පසු හා රැඳී සිටිම බලපත්‍රය ඉල්ලුම් කර තැපැල් කිරීමෙන් පසු ලියවීමට හැකිය.
ලිය වෙන්නේ කෙසේද
පදිංචිය ඇති පලාතේ හෝ ජිවත් වන පලාතේ Azienda Sanitaria Locale (ASL) ස්ථානයෙ හි ලිය වීමට හැකිය. තමාගේ පවුලට වෛද්‍ය වරයෙකු තෝරා ගන්නේ මෙම වේලාවේ දියි. ගෙවීමකින් තොරව තමාගේ වෛද්‍ය වරයා හමු වීමට පුලුවන.
අවශ්‍ය ලියවිලි
Azienda Sanitaria මගින් අවුරුද්දේ ආදායම් තත්වය අනුව ගණන් බලා ගෙවිය යුතු මුදල දන්වා සිටියි
සෞඛ්‍යය කාඩ් පත
ලිය වීමෙන් පසු සෞඛ්‍යය කාඩ් පත තමාගේ නිවසට ලැබෙන අතර එයින් Servizio Sanitario della Regione Toscana හි සෑම සේවයක් සඳහා පාවිච්චි කිරීමට අවසර ඇත.
Servizio Sanitario Regionale හි කරන සේවාවන්
පහත සඳහන් ලැයිස්තුවේ ඇත්තේ ප්‍රධාන සේවා වනුයි. Regione Toscana මගින් වෙනත් සේවාවන් දෙනු ඇත (තමා ජිවත් වන පළාතේ Azienda Sanitaria ස්ථානයෙන් විමසන්න).
යුරෝපා සංගමයේ වෙනත් රටක තාවකාලික රැඳී සිටීම
ඉතාලියේ සෞඛ්‍යය කාඩ් පතෙන් යුරෝපා සංගමයේ වෙනත් රටක දී සෞඛ්‍යය සේවය ලබා ගැනීමට හැකිය. (සැලකිය යුතුයි: ඉතාලියේ නොමිලේ කරන සේවාවන් වලට, යුරෝපා සංගමයේ වෙනත් රටක දී ඇතැම් විට ගෙවීමට සිදු වේ).
ලිය වීමේ වලංගු කාලය
ලිය වීම අවසන් වන දිනය වන්නේ රැඳී සිටීමේ බලපත්‍රයේ වලංගු කාලය අනුවයි.
වලංගු වීමෙන් පසු පුද්ගලයට මාස 6 ක් ඇතුලත මෙය අලුත් කිරීමට ASL ( Azienda Sanitaria Locale) ස්ථානයට රැඳී සිටීමට බාරදුන් ඉල්ලුම් පත්‍රයේ කුවිතාන්සිය ඉදිරිපත් කල යුතුයි.
සැලකිය යුතුයි: යුරෝපා සංගමයේ රටවල් වලට අයිති දීර්ඝ කාලීන රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට පෙර නොමීලේ කරන SSR හි ලිය වීමට අවසර නොලද අයට ලිය වීමේ අවසන් දිනය දෙසැම්බර් 31 වන අතර සෑම අවුරුද්දකම එය අලුත් කල යුතුය.
අවුරුද්දේ කුමන කාලයක ලියවීම කලත්, ඒ සඳහා අවුරුද්දේ සම්පුර්ණ මුදල ගෙවීමට සිදුවේ.
Servizio Sanitario Regionale ලිය වීම අත් හිටු වීමට හේතු:
තොරතුරු දැනගැනීම සඳහා
Azienda Sanitaria Locale
Aziende Sanitarie Locali (Toscana)