Regione Toscana
යුරෝපා සංගමයේ රටවල් වලට අයිති වන හෝ අයිති නොවන අවුරුදු 18 න් පහල ළමුන්ට පළාතේ ඇති සෞඛ්‍යය සේවයට ලියවීම Servizio Sanitario Regionale (SSR)

යුරෝපා සංගමයේ රටවල් වලට අයිති වන හෝ අයිති නොවන අවුරුදු 18 න් පහල ළමුන්ට පළාතේ ඇති සෞඛ්‍යය සේවයට ලියවීම Servizio Sanitario Regionale (SSR)

කෙසේද
Servizio Sanitario della Regione Toscana (SSR) මෙහි සේවය ලබා ගැනීමට ලියවීම අවශ්‍ය යයි.
ඉතාලියේ ජීවත් වන අවුරුදු 18 න් පහල ළමුන් සඳහා රැඳී සිටීමේ බලපත්‍රය නොසලකන බවත් ඔවුන් Servizio Sanitario Regionale  ලියවීමට අනිවාර් වන අතර එය නොමිලේ කරනු ලැබේ.

ලිය වෙන්නේ කෙසේද
SSR යට ලියවීමට හැකි වන්නේ දෙමවුපියන්ට (තාව කාලිකව රටේ රැඳී සිටින විදේශිකයන් - Stranieri Temporaneamente Presenti -  STP කාඩ් පත ඇති අයටත් ලිය වීම කල හැක),  භාර කරුවන්ට  හෝ ළමුන් වෙනුවෙන් පෙනී සිටින සහය කරුවන්ට.
අවුරුදු 18 න් පහල ළමයා පදිංචිය ඇති පලාතේ හෝ ජිවත් වන පලාතේ Azienda Sanitaria Locale (ASL)  ස්ථානයෙ හි ලිය වීමට හැකිය.  තමාගේ පවුලට වෛද්‍ය වරයෙකු තෝරා ගන්නේ මෙම වේලාවේ දියි. ගෙවීමකින් තොරව තමාගේ  වෛද්‍ය වරයා හමු වීමට පුලුවන.

අවශ්‍ය ලියවිලි
ඉතාලියේ උපත සිදු වුයේ නම්

අවුරුදු 18 න් පහල ළමයාගේ codice fiscale (මීට ප්‍රථම නිකුත් කර ඇතිනම්) හෝ මෙහි උපත සිදූ වුන බවට තමා විසින් ලිපියක් ලිවීම.

වෙනත් රටක  උපත සිදු වුයේ නම්:
පරිවර්තනය කල උප්පැන්න සහතිකය: මෙය නැතිනම් ASL මගින් ගමන් බලපත්‍රය හෝ අවුරුදු 18 න් පහල ළමයාගේ වෙනත් ලියවිල්ලක් බාරගනු ඇත.

ඉතා වැදගත්: යම් ලියවිල්ලක් අඩු වුවත් ASL මගින් STP/ENI කාඩ් පත නිකුත් කරයි. (STP/ENI කාඩ් පත සඳහා මෙය බලන්න link alla scheda STP/ENI)

සෞඛ්‍යය කාඩ් පත
ලිය වීමෙන් පසු සෞඛ්‍යය කාඩ් පත තමාගේ නිවසට ලැබෙන අතර  එයින් Servizio Sanitario della Regione Toscana හි සෑම සේවයක් සඳහා පාවිච්චි කිරීමට අවසර ඇත.

Servizio Sanitario Regionale හි කරන සේවාවන්
පහත සඳහන් ලැයිස්තුවේ ඇත්තේ ප්‍රධාන සේවා වනුයි. Regione Toscana මගින් වෙනත් සේවාවන් දෙනු ඇත (තමා ජිවත් වන පළාතේ Azienda Sanitaria ස්ථානයෙන් විමසන්න).

  • පවුලේ වෛද්‍ය වරයා හෝ ළදරු රෝග සම්බන්ධ වෛද්‍ය වරයෙකු සිටීම;
  • රජයේ රෝහල් හෝ ඒ සමඟ ගිවිසුම් ගැසු රෝහල් වල ගෙවීමකින් තොරව රෝහල් ගත වීම;
  • බෙහෙත් ලබා ගැනීමට සහය වීම;
  • රෝගීන් බලන ශාලාවේ දී කරන පලමු වෛද්‍ය පරික්ෂනය;
  • විශේෂඥ  වෛද්‍ය පරික්ෂනය;
  • නිවසට පැමිණ වෛද්‍ය පරික්ෂනය කිරීම;
  • එන්නත් විදීම;
  • ලේ පරික්ෂනය;
  • එක්ස් කිරණය;
  •  එකො ග්‍රැෆියා;
  • ඖෂධ;
  • පුනරුත්ථාපනයට  හා ශරීරාබාධ ප්‍රකෘතිමත් කිරීමට සහය වීම;
  • ප්‍රධාන  සහය වීම් වල ඇති වෙනත් සේවයන්.

යුරෝපා සංගමයේ වෙනත් රටක තාවකාලික රැඳී සිටීම
ඉතාලියේ සෞඛ්‍යය කාඩ් පතෙන්  යුරෝපා සංගමයේ වෙනත් රටක දී සෞඛ්‍යය සේවය ලබා ගැනීමට හැකිය. (සැලකිය යුතුයි: ඉතාලියේ නොමිලේ කරන සේවාවන් වලට, යුරෝපා සංගමයේ වෙනත් රටක දී ඇතැම් විට ගෙවීමට සිදු වේ).

ලිය වීමේ වලංගු  කාලය
ලිය වීම අවසන් වන දිනය වන්නේ රැඳී සිටීමේ බලපත්‍රයේ වලංගු කාලය අනුවයි.
වලංගු වීමෙන් පසු පුද්ගලයාට මාස 6 ක් ඇතුලත මෙය අලුත් කිරීමට ASL ස්ථානයට රැඳී සිටීමට බාරදුන් ඉල්ලුම් පත්‍රයේ කුවිතාන්සිය ඉදිරිපත් කල යුතුයි.

Servizio Sanitario Regionale  ලිය වීම අත් හිටු වීමට හේතු:

  • රැඳී සිටීමේ බලපත්‍රය අලුත් නොකිරීම;
  • රැඳී සිටීමේ බලපත්‍රය අවලංගු කිරීම;
  • රටින් පිටු වහල් කිරීම;
  • පදිංචි පළාත වෙනස් කිරීම.

තොරතුරු දැනගැනීම සඳහා
Azienda Sanitaria Locale

Aziende Sanitarie Locali (Toscana)

 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione