කෙසේද
Servizio Sanitario della Regione Toscana (SSR) මෙහි සේවය ලබා ගැනීමට ලියවීම අවශ්‍ය යයි.
සරණාගතයින්ට හා ආරක්ෂාව සඳහා ඇති රැඳී සිටීමේ බලපත්‍රය ඇති අය Servizio Sanitario Regionale ලියවීමට අනිවාර්ය වන අතර එය නොමිලේ කරනු ලැබේ.
Servizio Sanitario Regionale ට ලියවීමට හැකි වේලාව
නගර සභාවේ තමාගේ තොරතුරු ලිය වුනාට පසු හා රැඳී සිටිම බලපත්‍රය ඉල්ලුම් කර තැපැල් කිරීමෙන් පසු ලියවීමට හැකිය.
ලිය වෙන්නේ කෙසේද
පදිංචිය ඇති පලාතේ හෝ ජිවත් වන පලාතේ Azienda Sanitaria Locale (ASL) ස්ථානයෙ හි ලිය වීමට හැකිය. තමාගේ පවුලට වෛද්‍ය වරයෙකු තෝරා ගන්නේ මෙම වේලාවේ දියි. ගෙවීමකින් තොරව තමාගේ වෛද්‍ය වරයා හමු වීමට පුලුවන.
අවශ්‍ය ලියවිලි
සෞඛ්‍යය කාඩ් පත
ලිය වීමෙන් පසු සෞඛ්‍යය කාඩ් පත තමාගේ නිවසට ලැබෙන අතර එයින් Servizio Sanitario della Regione Toscana හි සෑම සේවයක් සඳහා පාවිච්චි කිරීමට අවසර ඇත.
Servizio Sanitario Regionale හි කරන සේවාවන්
පහත සඳහන් ලැයිස්තුවේ ඇත්තේ ප්‍රධාන සේවා වනුයි. Regione Toscana මගින් වෙනත් සේවාවන් දෙනු ඇත (තමා ජිවත් වන පළාතේ Azienda Sanitaria ස්ථානයෙන් විමසන්න).
යුරෝපා සංගමයේ වෙනත් රටක තාවකාලික රැඳී සිටීම
ඉතාලියේ සෞඛ්‍යය කාඩ් පතෙන් යුරෝපා සංගමයේ වෙනත් රටක දී සෞඛ්‍යය සේවය ලබා ගැනීමට හැකිය. (සැලකිය යුතුයි: ඉතාලියේ නොමිලේ කරන සේවාවන් වලට, යුරෝපා සංගමයේ වෙනත් රටක දී ඇතැම් විට ගෙවීමට සිදු වේ).
ලිය වීමේ වලංගු කාලය
ලිය වීම අවසන් වන දිනය වන්නේ රැඳී සිටීමේ බලපත්‍රයේ වලංගු කාලය අනුවයි.
වලංගු වීමෙන් පසු පුද්ගලයාට මාස 6 ක් ඇතුලත මෙය අලුත් කිරීමට ASL ස්ථානයට රැඳී සිටීමට බාරදුන් ඉල්ලුම් පත්‍රයේ කුවිතාන්සිය ඉදිරිපත් කල යුතුයි.
Servizio Sanitario Regionale ලිය වීම අත් හිටු වීමට හේතු:
තොරතුරු දැනගැනීම සඳහා
Azienda Sanitaria Locale
Aziende Sanitarie Locali (Toscana)