Regione Toscana
පළාතේ ඇති සෞඛ්‍යය සේවයට ලියවීම Servizio Sanitario Regionale (SSR): රැකියාවක් නොකර තමාගේ මුදලින් ජීවත් වීමට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රය

පළාතේ ඇති සෞඛ්‍යය සේවයට ලියවීම Servizio Sanitario Regionale (SSR): රැකියාවක් නොකර තමාගේ මුදලින් ජීවත් වීමට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රය

කෙසේද

Servizio Sanitario della Regione Toscana (SSR) මෙහි සේවය ලබා ගැනීමට ලියවීම අවශ්‍ය යයි.
රැකියාවක් නොකර තමාගේ මුදලින් ජීවත් වීමට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රය ඇති අය Servizio Sanitario Regionale ලියවීමට තමා කැමති නම් කල හැකි අතර එයට ගෙවීමට සිදුවේ.
එසේ නැතිනම් ඒ වෙනුවෙන් ඉතාලියේ වලංගු පෞද්ගලික රක්ෂනයකින් ගෙවිය හැක (ඉතාලියේ හෝ පිට රට  රක්ෂනයක්).
රැකියාවක් නොකර තමාගේ මුදලින් ජීවත් වීමට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රය නිකුත් කරන්නේ වැඩ නොකර ජිවත් වීමට ප්‍රමාණ වත් මුදලක් ඇති බව පෙන්විය  හැකි යුරෝපා සංගමයේ රටවලට අයිති නොවන විදේශිකයන්ටයි (විශ්‍රාමික වැටුප, තමා සතු දේපල හා වෙනත් දේවල්...).

Servizio Sanitario Regionale ට ලියවීමට හැකි වේලාව
නගර සභාවේ  තමාගේ තොරතුරු ලිය වුනාට පසු හා රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කර තැපැල් කිරීමෙන් පසු ලියවීමට හැකිය.

ලිය වෙන්නේ කෙසේද
පදිංචිය ඇති පලාතේ හෝ ජිවත් වන පලාතේ Azienda Sanitaria Locale (ASL)  ස්ථානයෙ හි ලිය වීමට හැකිය.  තමාගේ පවුලට වෛද්‍ය වරයෙකු තෝරා ගන්නේ මෙම වේලාවේ දියි. ගෙවීමකින් තොරව තමාගේ  වෛද්‍ය වරයා හමු වීමට පුලුවන.

අවශ්‍ය ලියවිලි

  • රැඳී සිටීමේ බලපත්‍රය හෝ රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට ගෙවු  කුවිතාන්සිය. කුවිතාන්සිය ඉදිරිපත් කරන්නේ නම් මාස 1 ක සිට 3 දක්වා තාව කාලිකව ලිය වීමක් සිදු කරයි. රැඳී සිටීමේ බලපත්‍රය ලැබුන පසු සම්පුර්නව ලිය වීමට එය ASL ස්ථානයට ඉදිරිපත් කල යුතුය;
  • අවුරුද්දේ ආදායම සඳහන් කර තමා විසින් ලිපියක් ලිවීම (link allegato 8);
  • Codice Fiscale;
  • පහත තොරතුරු අනුව තැපැල් හලට ගෙවු කුවිතාන්සිය:
    • තැපැල් ගිණුම් අංකය: 289504
    • දරන්නා: Regione Toscana
    • හේතුව: Contributo iscrizione volontaria SSR anno …..

Azienda Sanitaria මගින් අවුරුද්දේ ආදායම් තත්වය අනුව ගණන් බලා ගෙවිය යුතු මුදල දන්වා සිටියි.

සෞඛ්‍යය කාඩ් පත
ලිය වීමෙන් පසු සෞඛ්‍යය කාඩ් පත තමාගේ නිවසට ලැබෙන අතර  එයින් Servizio Sanitario della Regione Toscana හි සෑම සේවයක් සඳහා පාවිච්චි කිරීමට අවසර ඇත.

Servizio Sanitario Regionale හි කරන සේවාවන්

පහත සඳහන් ලැයිස්තුවේ ඇත්තේ ප්‍රධාන සේවා වනුයි. Regione Toscana මගින් වෙනත් සේවාවන් දෙනු ඇත (තමා ජිවත් වන පළාතේ Azienda Sanitaria ස්ථානයෙන් විමසන්න).

  • පවුලේ වෛද්‍ය වරයා හෝ ළදරු රෝග සම්බන්ධ වෛද්‍ය වරයෙකු සිටීම;
  • රජයේ රෝහල් හෝ ඒ සමඟ ගිවිසුම් ගැසු රෝහල් වල ගෙවීමකින් තොරව රෝහල් ගත වීම;
  • බෙහෙත් ලබා ගැනීමට සහය වීම;
  • රෝගීන් බලන ශාලාවේ දී කරන පලමු වෛද්‍ය පරික්ෂනය;
  • විශේෂඥ  වෛද්‍ය පරික්ෂනය;
  • නිවසට පැමිණ වෛද්‍ය පරික්ෂනය කිරීම;
  • එන්නත් විදීම;
  • ලේ පරික්ෂනය;
  • එක්ස් කිරණය;
  • එකො ග්‍රැෆියා;
  • ඖෂධ;
  • පුනරුත්ථාපනයට  හා ශරීරාබාධ ප්‍රකෘතිමත් කිරීමට සහය වීම;
  • ප්‍රධාන  සහය වීම් වල ඇති වෙනත් සේවයන්.

යුරෝපා සංගමයේ වෙනත් රටක තාවකාලික රැඳී සිටීම
ඉතාලියේ සෞඛ්‍යය කාඩ් පතෙන්  යුරෝපා සංගමයේ වෙනත් රටක දී සෞඛ්‍යය සේවය ලබා ගැනීමට හැකිය. (සැලකිය යුතුයි: ඉතාලියේ නොමිලේ කරන සේවාවන් වලට, යුරෝපා සංගමයේ වෙනත් රටක දී ඇතැම් විට ගෙවීමට සිදු වේ).

ලිය වීමේ වලංගු  කාලය
ලිය වීමේ අවසන් දිනය දෙසැම්බර් 31 වන අතර සෑම අවුරුද්දකම එය අලුත් කල යුතුය.
අවුරුද්දේ කුමන කාලයක ලියවීම කලත්, ඒ සඳහා අවුරුද්දේ සම්පුර්ණ මුදල ගෙවීමට සිදුවේ.

තොරතුරු දැනගැනීම සඳහා
Azienda Sanitaria Locale

Aziende Sanitarie Locali (Toscana)

 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione