Regione Toscana
යුරෝපා සංගමයේ රටවල් වලට අයිති, ආර්ථික ප්‍රශ්න ඇති අයට තිබෙන Servizio Sanitario Regionale (SSR): ENI කාඩ් පත

යුරෝපා සංගමයේ රටවල් වලට අයිති, ආර්ථික ප්‍රශ්න ඇති අයට තිබෙන Servizio Sanitario Regionale (SSR): ENI කාඩ් පත

කෙසේද

ජිවත් වන පළාතේ ස්ථිර පදිංචිය නොමැති නම්, අනිවාර්යෙන්ම කරන Servizio Sanitario Regionale (SSR)  හි ලිය වීමට අවසර නොලද, තමාගේ මවු රටේ  දුගී බව නිසා සෞඛ්‍යය සහය ගෙවීමක් කිරීමට නොහැකි, යුරෝපා සංගමයේ රටවල් වලට අයිති විදේශිකයන්ට ASL ස්ථානයට තමාගේ ප්‍රකාශනයක් ඉදිරිපත් කර ENI කාඩ් පත ලබා ගත හැක.

ENI කාඩ් පතෙන් ඉතා ත්‍යශ්‍ය උවටැන්, ත්‍යශ්‍ය උවටැන්  හා නොකඩවාම කරන උවටැන් යනාදිය ලබා ගත හැකිය.

ඉතා අත්‍යවශ්‍ය උවටැන්: රෝගියාගේ ජිවිතයට අවදානමක් හෝ සෞඛ්‍යට බර පතල අවදානමක් වීම.
අත්‍යවශ්‍ය උවටැන්: කෙටි කාලයක දී බර පතල රෝගයක් නොමැති වුවත්, දිර්ඝ කාලයක දී රෝගියාගේ ජිවිතයට අවදානමක් හෝ සෞඛ්‍යට බර පතල අවදානමක් ඇති වීම.
නොකඩවාම කරන උවටැන්: දීර්ඝ කාලයක උවටැන් කිරීම.

ENI කාඩ් පත ලබා ගන්නේ කෙසේද

කාඩ් පත සඳහා:

  • පලමු වතාවට උවටැන් කරන විට එය Pronto Soccorso හෝ Azienda Sanitaria Locale (ASL) මගින් නිකුත් කරයි;
  • උවටැන් කර ගැනීමට පෙර පුද්ගලයාට  එය ඉල්ලුම් කල හැක.

සෞඛ්‍යය  මධ්‍යස්ථානයෙන් රෝගියා පිලිබඳ විස්තර ආරක්ෂක අංශ වලට දැනුම් දිය නොහැක.

අවශ්‍ය ලියවිලි

  • හැඳුනුම් පත;
  • පළාතේ ජීවත් වන බවට ප්‍රකාශනයක් ( මාස 3 කට වැඩි);
  • පළාතේ පදිංචිය ලියවී නැති බවට ප්‍රකාශනයක්;
  • අන්තිමට පදිංචිය වුන රටේ විස්තර ලියා ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම;
  • ආර්ථික ප්‍රශ්න ඇති බවට ප්‍රකාශනයක්;
  • හදිසි හෝ ඉතා අත්‍යවශ්‍ය උවටැන් සඳහන් කල වෛද්‍ය සහතිකයක්;
  • Servizio Sanitario Regionale (SSR) යට ලියවිමට නොහැකි බව හා සෞඛ්‍ය රක්ෂනයක් නොමැති බවට සඳහන් කල ප්‍රකාශනයක්.

ENI කාඩ් පතෙන්  අනිවාර්‍යෙන්ම කෙරෙන උවටැන්

  • ගර්භණී භාවයට හෝ මාතෘ භාවයට සහය වීම;
  • අවුරුදු 18 න් පහල ළමුන්ගේ සෞඛ්‍යය තත්වය සඳහා සහය වීම;
  • එන්නත් විදීම;
  • ජාත්‍යන්තර රෝග නිවාරනය;
  • බෝවන රෝග වලට උවටැන් කිරීම හා රෝග නිවාරනය;
  • මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි  වුවන්  පුනරුත්ථාපනය කිරීම හා උවටැන් කිරීම.

යුරෝපා සංගමයේ වෙනත් රටක තාවකාලික රැඳී සිටීම
ඉතාලියේ සෞඛ්‍යය කාඩ් පතෙන්  යුරෝපා සංගමයේ වෙනත් රටක දී සෞඛ්‍යය සේවය ලබා ගැනීමට හැකිය. (සැලකිය යුතුයි: ඉතාලියේ නොමිලේ කරන සේවාවන් වලට, යුරෝපා සංගමයේ වෙනත් රටක දී ඇතැම් විට ගෙවීමට සිදු වේ).

ලිය වීමේ වලංගු  කාලය
ENI කාඩ් පත මුළු පළාතටම මාස 6 ක වලංගු කාලයක් ඇත. නැවත අලුත් කිරීමට හැකිය.

තොරතුරු දැනගැනීම සඳහා
Azienda Sanitaria Locale

Aziende Sanitarie Locali (Toscana)

 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione