Regione Toscana
ඉගෙනීමට හා රැකියා පුහුණු වීමට තිබෙන බලපත්‍රය සඳහා ඇති ප්‍රශ්ණ සහ එයට පිලිතුරු - Domande e risposte sul permesso per studio o formazione

ඉගෙනීමට හා රැකියා පුහුණු වීමට තිබෙන බලපත්‍රය සඳහා ඇති ප්‍රශ්ණ සහ එයට පිලිතුරු - Domande e risposte sul permesso per studio o formazione

1.ඉගෙනීමට හා රැකියා පුහුණු වීමට තිබෙන බලපත්‍රය වලංගු කාලය?
බලපත්‍රය වලංගු කාලය උපරිම අවුරුදු 1 යි.

2.ඉගෙනීමට හා රැකියා පුහුණු වීමට තිබෙන බලපත්‍රය අලුත් කිරීමට හැකිද?
පාඨමාලාව අවුරුදු 1කට වැඩිනම් බලපත්‍රය සැම අවුරුද්දකම අලුත් කිරීමට හැකිය.

ශිෂ්‍යයා විශ්ව විද්‍යලයේ ඉගෙනුම ලබනවා නම්, බලපත්‍රය අලුත් කිරීමට හැකි වන්නේ පාඨමාලාව පලවෙනි අවුරුද්දේ අඩුම වශයෙන් 1 විභාගයක් සමත් වීමෙන් හා දෙවෙනි අවුරුද්දේ සිට  අඩුම වශයෙන් විභාග 2 ක් සමත් වුවහොත් පමණි. විශේෂ සිදුවීම්:

  • සෞඛ්‍යයට ඇති බලවත් ගැටලු හෝ බලාපොරොත්තු නොවු සිදුවීමක් (ලියවිල්ලකින් මේවා  සහතික කල යුතුය): මෙම අවස්ථාවලදී ශිෂ්‍යයාට 1 විභාගයක් පමනක් සමත් වීමෙන්  බලපත්‍රය අලුත් කිරීමට හැකිය;
  • උසස් අධ්‍යාපනය හැදෑරීම: මෙම අවස්ථාවේදී පාඨමාලාවේ කාලය අනුව බලපත්‍රය අලුත් කිරීමට හැකිය.

පාඨමාලාව අවසන් වන දිනයෙන් පසු එය අවුරුදු 3 කට වැඩියෙන් අලුත් කිරීමට නොහැකිය.

3.ඉගෙනීමට හා රැකියා පුහුණු වීමට තිබෙන බලපත්‍රයෙන් රැකියාවක් කිරීමට හැකිද?
ඔව්, රැකියාව පැය 20 කට සීමා විය යුතුය.

4.ඉගෙනීමට හා රැකියා පුහුණු වීමට තිබෙන බලපත්‍රය වෙනත් බලපත්‍රයකට මාරු කල හැකිද?
ඔව්, මාරු කිරීමට හැකිවන්නේ:

  • ඉතාලියේදී උපාධියක් හෝ උසස් උපාධියක් ගත් පසු තමන්ගේ බලපත්‍රය, කෙනෙකු යටතේ කරන රැකියාවට හා ස්වයං රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීමට හැකිය 
  • පාඨමාලාව හදාරන මොහොතේ Gazzetta Ufficiale හි Decreto Flussi නිකුත් වීමෙන් පසු  තමන්ගේ බලපත්‍රය, කෙනෙකු යටතේ කරන රැකියාවට හා ස්වයං රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීමට හැකිය (බලපත්‍රය මාරු කිරීමට සීමිත ගණනක් ඇත)
  • ආගමික පාඨමාලාවක් නිම කල ශිෂ්‍ය යෙකුට, ඉතාලියේදී එම කටයුතු කරනවා නම්, ආගමික කටයුතු සඳහා ඇති බලපත්‍රයට මාරු කල හැකිය.

5.ඉගෙනීමට හා රැකියා පුහුණු වීමට තිබෙන බලපත්‍රයෙන් පවුලේ අයව මේ රටට ගෙන්වීමට නුල්ලා ඔස්තා ඉල්ලුම් කල හැකිද?
ඔව්, ( පවුලේ අය එකතු වීම බලන්න)

6.ඉගෙනීමට හා රැකියා පුහුණු වීමට තිබෙන බලපත්‍රයෙන් පළාතේ ඇති සෞඛ්‍යය සේවයට ලියවීමට හැකිද?
ඔව්, කැමැත්තෙන් දෙන පළාතේ ඇති සෞඛ්‍යය සේවයට ලියවීමට හැකිය.

7.ඉතාලියේදි උපාධියක් හෝ උසස් උපාධියක් ගත් ශිෂ්‍යයෙකුට රැකියාවක් ලැබෙන තුරු රැඳී සිටීමේ බලපත්‍රයට ඉල්ලුම් කල හැකිද?
ඔව්, Centro per l’Impiego ස්ථානයෙහි ලියවීමෙන් පසු රැකියාවක්  ලැබෙන තුරු තිබෙන රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කල හැකිය.

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione