Regione Toscana
ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා (SSR) සඳහා ලියාපදිංචිවීම වයස අවුරුදු 65 ට වැඩි පවුල් සාමාජිකයින් සඳහා ඉතාලියට පැමිනි(ricongiungimento familiare) මගන්

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා (SSR) සඳහා ලියාපදිංචිවීම වයස අවුරුදු 65 ට වැඩි පවුල් සාමාජිකයින් සඳහා ඉතාලියට පැමිනි(ricongiungimento familiare) මගන්

Iscrizione al Servizio Sanitario Regionale (SSR) per familiari di età maggiore a 65 anni arrivati in Italia per ricongiungimento familiare

මම වයස අවුරුදු 65 හෝ ඊට වැඩි වයසේ පසුවන අතර, ricongiungimento familiare සමඟ ඉතාලියට පැමිණි අතර, පවුල් හේතු මත රැදීසිටීමේ බලපත්‍රයේ පළමු වරට මා ඉල්ලා සිටිය යුතුය.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ලබා ගැනීමට මා කළ යුත්තේ කුමක්ද? Cosa devo fare per avere i servizi del Servizio Sanitario Regionale?

- ඔබට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාට ලියවියහැකිය

හෝ

- ඉතාලියේ වලංගු ඉතාලි හෝ විදේශීය රක්‍ෂණ ආයතනයක් සමඟ පුද්ගලික රක්‍ෂණයක් කිරීම

අවධානය: පෞද්ගලික රක්‍ෂණය

  • ඉතාලියේ වලංගු වියයුතුය;
  • සෞඛ්‍ය අවදානම් පිළිබඳව සම්පුර්ණ ආවරණයක් තිබිය යුතුය;
  • ආරම්භක හා ඉකුත්වන දිනය සඳහන් කර තිබිය යුතුය, වසර 1 ක කාලයක් වලන්ගුවිය යුතුය;
  • පවුලේ සාමාජිකයන් ආවරණය වන පරිදි සහ ඥාති සබඳතාවය සඳහන් විය යුතුය;
  • මුදල් ආපසු ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ යුතු ආකාරය සදහන් විය යුතුය;
  • ඉතාලි භාෂාවෙන් ලියවී තිබිය යුතුය.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා සඳහා ලියාපදිංචිය සඳහා කොපමණ මුදලක් ගෙවිය යුතුද? Quanto devo pagare per fare l’iscrizione al Servizio Sanitario Regionale?
අවස්තා දෙකක් තිබේ:

1. . ඔබට ආදායමක් හෝ විශ්‍රාම වැටුපක් නොලැබේනම්: ගෙවිය යුතු මුදල පවුලේ ආදායම මත රඳා පවතී(එනම්, ricongiungimento familiare කිරීම සඳහා අයදුම් කළ දරුවාගේ ආදායම හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ මුළු ආදායමමත):

  • පවුලේ ආදායම යුරෝ 5.165,00 දක්වා, ගෙවිය යුතු දායක මුදල යුරෝ 387.34 කි.
  • යුරෝ 20.658.28 දක්වා,ආදායම සඳහා ගෙවිය යුතු දායක මුදල ආදායමෙන් 7.5% වේ(උදාහරණයක් වශයෙන්, යුරෝ 18,500 ක පවුල් ආදායමක් තිබේනම් ගණන කළ යුතු ආකාරය පහත පරිදි වේ:

             18,500 x 7.5 = 138.750: 100 = යුරෝ 1.387.50)

  • 20.658.28 ඉක්මවන ආදායම සඳහා ගෙවිය යුතු දායක මුදල 20.658.28 හි  7.5% +ඔබගේ ආදායම හා යුරෝ 20.658.28 අතර වෙනසෙන් 4% ක් (යුරෝ 51.645,69 දක්වා)(උදාහරණයක් ලෙස, යුරෝ 22,000 ක ආදායමක් සහිත:පළමු කොටස සඳහා (යුරෝ 20.658.28 දක්වා) ඔබ 7.5% ගණනය කළ යුතුය (20.658.28 x 7.5 = 154.937: 100 = 1.549.37);දෙවන කොටස සඳහා (22,000 - 20,658,28 = 1,341.72)4% (1,341.72 x 4 = 5.366.88: 100 = 53.67) ගණනය කළ යුතුය.එවිට ඔබ ගණන් දෙකෙහි ප්‍රතිඵල එකතු කළ යුතුය: 1.549.37 + 53.67 = € 1.603.04.
  • ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරියට විශ්‍රාම වැටුපක් හෝ ආදායමක් තිබේ නම්: ඔබ දෙදෙනාම ඔබේ රටේ සිට විශ්‍රාම වැටුප් හෝ ආදායමක් තිබෙන බව සදහන් ලේඛන ඉතාලි කොන්සල් කාර්‍යාලයෙන් පරිවර්තනය කර නීතිගත කර යුතුය.(ස්වයං සහතික කිරීම කළ නොහැක) බිල්පත් දෙකකින් දායක මුදල් ගෙවිය යුතුය (දායකත්වය ගණන් කරන්නේ කෙසේදැයි උඩින් සදහන්සේ බලන්න)
  • ඔබ සහ ඔබගේ සහකරු හෝ සහකාරිය අනෙක් සහකරු හෝ සහකාරිය මත යැපේනම්(තමන්ගේ රටෙහි විශ්‍රාම වැටුපක් හෝ ආදායමක් තිබේ නම්): විශ්‍රාම වැටුපක් හෝ ආදායමක් තිබේන අය එය ඔබගේ රටෙන් ලේඛන ඉතාලි කොන්සල් කාර්‍යාලයටගොස් පරිවර්තනය කර නීත්‍යානුකූල කලයුතු ඇත.(ස්වයං සහතික කිරීම කළ නොහැක),සහ ඔබ දෙදෙනාට අදාළ වන එක් බිල්පත් 1ක් ගෙවිය යුතුය (දායකත්වය ගණන් කරන්නේ කෙසේදැයි උඩින් සදහන්සේ බලන්න)

දායකත්වය කීයදයැඉ කියා බැලීමට වැඩි විස්තර සධහා අමතන්නAziende sanitarie locali – ASL Regione Toscana

 

මට ගෙවිය හැක්කේ කෙසේද? Come faccio a pagare?
ඕනෑම තැපැල් කාර්‍යාලයකදී ගෙවීම් ආකෘතිය (bollettino) ලබාගෙන  පහත සඳහන් තොරතුරුවලින් පුරවන්න:

  • තැපැල් ගිණුම් අංකය: 289504
  •  Regione Toscana වෙනුවෙන්
  • Causale: contributo iscrizione volontaria SSR anno ...
  • ඉහතින් ලියා ඇති උදාහරණ අනුව ගණනය කළ අංකය ලියන්න
  • තැපැල් කාර්‍යාලයට බිල්පත් පත්‍රය ගෙවන්න එය තබා ගන්න

ගෙවීමෙන් පසු කළ යුත්තේ කුමක්ද?  Cosa devo fare dopo aver pagato?
Prefettura හට යා යුතුය(හෝ Questura වෙත  “Ricongiungimento in deroga”සදහා) රැදීසිටීම සඳහා බලපත්‍රයක් ඉල්ලීම සඳහා. Prefettura සහ Questura Azienda sanitaria locale ASL හට ගෙවීම් කල රිසිට්න්පත ඉල්ලනවා
Kit කට්ටලය තැපැල්කිරීමෙන් පසු Prefettura හින් ලබාදුන් (හෝ බලපත්‍රය ලබා ගැනීමට අයදුම් කිරීමෙන් පසු Questura හට)ඔබට පදිංචිය සඳහා ඉල්ලුම් කළ හැකියcomune හින්.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා සඳහා ලියාපදිංචි වියහැකි කෙසේද? Come si deve fare l’iscrizione al Servizio Sanitario Regionale?
ඔබ ඉතාලියට ඇතුල්වන මොහොතේ Prefettura හෝ Questura යැමෙන් පසු රැදීසිටීමේ බලපත්‍රය ඉල්ලීම සදහා,e-mail එකක් යැවිය යුතුය​ ASL හට ඔබ ඉන්න පලතේ, මෙම ලියකියවිලි වල ඡයාපිටපත් සමග​:
Modello 209 (රැදීසිටීමේ බලපත්‍රය ඉල්ලුම්කිරීම) eතැපැල් බ්ල්පත්, ඔබ ඉල්ලුම් කලේ Sportello Unico, Prefetturaහී නම්

  • රිසිට්පතරැදීසිටීමේ බලපත්‍රය ඉල්ලීම Questuraහී කලේ නම්
  • ඔබේ  codice fiscale  බදු කේතය
  • ස්වයං සහතිකය  ඔබගේ පදින්චිය සඳහන්කරන
  • ස්වයං සහතිකය  පවුල් ආදායම (ඉතාලියේ සිටිනා දරුවාගේ)ඔබට ආදායම් හෝ විශ්‍රාම වැටුප නොමැති නම්
  • ඔබේ ආදායම් හෝ විශ්‍රාම වැටුප් රටෙහි ඉතාලි කොන්සියුලර්හින් පරිවර්තනයකර නීතිගත කර සහතික කරන ලියකියවිලි              
  • ගෙවීමේදි දුන් තැපැල්‍ රිසිට් පත​

ලියාපදිංචිය සම්පූර්ණ කළ යුත්තේ කෙසේද? Come devo fare per completare l’iscrizione?
ASLහට යායුතුය පදිංචි ස්ථානයේ හෝ ඔබ ජීවත් වන ස්ථානයේ
ලියාපදිංචි කිරීමේදී ඔබ පවුලේ වෛද්‍යවරයා තෝරා ගත යුතු අතර, ඔබට ඔහු වෙත නොමිලේ යන්න පුළුවන්.
ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, ඔබට සෞඛ්‍ය සේවා කාඩ්පතක් ලබා දෙනු ඇත. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවේ සියලු සේවාවන් භාවිතා කිරීමට ඔබට ඉඩ සලසනවා.
අවවාදයයි: ඔබගේ වාසගම සීනුව මත සහ තැපැල් පෙට්ටියෙහි තිබිය යුතුය. එසේ නොමැතිනම් ඔබට ඔබගේ සෞඛ්‍ය කාඩ්පත ලැබෙනු නැත.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවයේ සේවාවන් මොනවාද? Quali sono i servizi del Servizio Sanitario Regionale?
මෙම ලැයිස්තුවේ මූලික සේවාවන් ඇත නමුත් ටෙස්කන් ප්‍රදේශය වෙනත් සේවාවන් සපයනු ලැබේ (ඔබ සිටින ස්ථානයේ සෞඛ්‍ය සමාගමින් විමසන්න)

පවුලේ වෛද්‍යවරයකු හෝ ළමා වෛද්‍යවරයකු ළබාදීම

  • නොමිලේ පොදු සහ අනුබද්ධිත රෝහල් වල රෝහල්ගතකිරීමassistenza farmaceutica
  • සායනයේ දී සාමාන්‍ය වෛද්‍ය පරීක්‍ෂණ
  • විශේෂඥ වෛද්‍ය සේවාව
  • නිවෙස්වල වෛද්‍ය හමුවීම්
  • එන්නත්
  • රුධිර පරීක්‍ෂණ
  • radiographs
  • ecografie ස්කෑන්
  • ඖෂධ
  • කම්පන, සැත්කම් හෝ prosthetics පසු උපකාර ලබාදීම

ඔබ වෙනත් යුරෝපීය සංගමයේ යුරෝපීය රටකට කෙටි කාලයක් සඳහා ගියොත්  සිදුවන්නේ කුමක්ද? (උදාහරණයක් වශයෙන් සංචාරයක් සඳහා) Cosa succede se vai per poco tempo in un altro Paese dell’Unione Europea UE (ad esempio per turismo)?
ඔබ වෙනත් යුරෝපීය සංගමයේ යුරෝපීය රටක ඉතාලි සෞඛ්‍ය කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් උපරිම දින 90 ක සෞඛ්‍ය ආධාරයක් ලබාගත හැකිය (අවධානය: ඉතාලියේ ඇති සියලුම නොමිලේ සේවා වෙනත් යුරෝපීය රටවල නොමිලේ නොවේ).

ලියාපදිංචිය වලංගු වන්නේ කොපමණ කාලයක්ද? Per quanto tempo è valida l’iscrizione?
ලියාපදිංචිය දෙසැම්බර් 31 වනදා අවසන් වන අතර සෑම වසරකම එය අලුත් කළ යුතුය.
අවුරුද්ද තුළ ඔබ ලියාපදිංචි වුවද ගෙවීම සම්පූර්ණනයෙන් කළ යුතුය.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ලියාපදිංචිය අත්සිටුවන්නේ කුමන අවස්ථා වලදීද? In quali casi viene interrotta l’iscrizione al Servizio Sanitario Regionale?

  • රැදීසිටීමේ බලපත්‍රය අලුත් නොකළේ නම්
  • රැදීසිටීමේ බලපත්‍රය අවලංගු කිරීම
  • නෙරපා හැරීම
  • නේවාසික ප්‍රදේශය වෙනස් කිරීම

තොරතුරු සඳහා
Aziende sanitarie locali - ASL Regione Toscana

Aggiornamento: novembre 2017

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione