Regione Toscana
Test italiano - singalese

කර්තා සොජොර්නෝ ගැනීමට ඉතලි භෂාව විභාගය අවශ්‍යය (Test di conoscenza della lingua italiana per il rilascio del permesso di soggiorno UE per soggiornanti di lungo periodo)

2010 දෙසැම්බර් 9වෙනීදා සිට කාර්තා සොජොර්නෝ ගැනීමට අවශ්‍යය අය මෙම ඉතලි විභාගය අනිවාර්යෙන් සමත් වියෙ යුතුය.

මෙම විභාගය සමත් විය යුතු අය කවුද?

මෙම විභාගය සමත් විය යුත්තේ, යුරෝපා සංගමයට අයිති නැති අය.

ඉතාලියේ අවුරුදු 5ක් අවලංගු නැති   permesso di soggiorno   විය යුතුය.

මෙයට ආදායම් ලබන ලිය කියවිලිද අවශ්‍යය.

පවුලේ මුල් කෙනාට කාර්තා සොජොර්නෝ තිබියෙදි, පවුලේ අනිත් අයට කාර්තා සොජොර්නෝ ගැනීමට නම්, අනිත් අයත් ඉතාලි විභාගය ගත යුතුයි.

 

මෙම විභාගය නොකල යුතු අය කවුද?

ඉතාලි විභාගය අවශ්‍යය නැති අය:

  • කෙනෙකුට භාෂාව ඉගෙනීමට බැරී අමාරුකම, වයස් ගතවීම,  ලෙඩ දුක් ඇතිවීම, දුර්වල තාවයෙන් සිටීම, ඒක්තැන්වී සිටීම;
  • වයස අවුරුදු 14න් පහල ලමයින්ට, ස්ථිර විවාහායක් නොමැති අයගේ දරුවන්ටයි;
  • Quadro Comune Europeo    කියන සංවිධානයේ භාෂාවල් පිලිබඳ  ඉතාලි භාෂාව වෙන  A2  පටන් ඊට ඉහල සහතිකයක් තිබෙනවානම්, ඒවා සහතික කරනු ලබන්නේ අධ්‍යපන අමාත්‍යංශය සහ විදේශ අමාත්‍යංශය, විශ්ව විද්‍යාලය;
  • Centri territoriali permanenti (CTP)  දීර්ඝ කාලින්  ඉතාලි භාෂාව පිලිබඳ   A2   සහතිකය    Quadro Comune Europeo  එකෙන් තිබෙනවානම් එය පමණක් ඇතිවේ;
  • CTP කියන් ස්ථාන වලට ගොස් ඉතලි භෂාව පිලිබඳ   A2  සහතිකයක් ලැබි තිබේ නම්, එය පමණක් ඇතිවේ;
  • සමුහික ගිව්සුමෙන් ලකුණු ලබා ගත්තා නම්, ඒ අතරින්   Quadro Comune Europeo   භාෂාවලට තිබෙන සංවිධානයේ ඉතලි භාෂාවට  A2  මට්ටමෙන් සහතිකයක් ලබා තිබේ නම්, එය පමණක් ඇතිවේ;
  • ඉතාලියේ ඩිප්ලෝමා ඇතිව, විශ්ච විද්‍යාල ශිෂ්‍යයෙක් හෝ ආචාර්ය උපාධිය කරන කෙනෙකු හෝ උසස් උපධිය කරන කෙනෙකු;
  • ඉතලියට විශේෂ කටයුතු සඳහා ඇතුල්වු අය:
    • විධායක තනතුරු විදේශ කොම්පැණී වලින් ඉහල මට්ටමෙන් ඉතාලියට පැමිණී අය;
    • පිටරට වලින් පැමිණෙන විශ්ව විද්‍යාල  ආවාර්ය වරුන්;
    • පරිවර්තන කරුවන්;
    • වාර්තා කරුවන්, විදේශ පත්තර වර්තාකරුවන්, ගුවන් විදුලි සහ ටිවී වාර්තා කරුවන්;
  • පිටරට වෙලින් පැමිණී අය, සහනාධාර කරුවන්;

මෙම විභාගයෙන්  ලබාගත යුතු දේ?

මෙම  විභාගයෙන් සහතික විය යුත්තේ ඉතලි භාෂාවේ දැනුම, භාෂාවලට තිබන  Quadro Comune Europeo  එකේ   A2 මට්ටමේ දැනුමක්, මෙය  සහතික කර තිබෙන්නේ යුරෝපා සංගමයයි.

Griglia di autovalutazione linguistica ( 17 KB)

A2 මට්ටමට කොයි විදියේ දැනුමක්ද තිබෙන්නේ?

A2 මට්ටමේ ඉතාලි දැනුම හොද හැටි තිබෙන්වානම් පහතසදහන් දේ තේරුම් ගත හැකි වේ:

  • සවන් දීම:  මට තේරුම්  ගැනීමට හැකිවීම, මට මගේ පවුල් ගැන ශථා කිරිමද, රක්ෂාව ගැනද, පණිවිඩ ටේරුම් ගැනීම සහ දැන්විම් තේරුම් ගැනීම.
  • කියවීම: පත්තරයක්, දැන්වීමක්, කාලසටහන් වේලාවන් මට තේරුම් ගත හැක. මට සාමාන්‍ය විදියේ ලිපියක් ලැබුණු විට එය තේරුම් ගත හැකි වේ.
  • සාකච්චා කිරීම: තවත් කෙනෙකු සමග සාමාන්‍ය තරමින් සාකච්චා කර ගැනීම, කෙනෙකුගේ විස්තර දැන ගැනීම.
  • ශථා කිරීමේ හැකියාව: මට සාමාන්‍ය තරමින් කථා කිරීමට පුලුවනි, මගේ පවුල ගැන, රැකියාව ගැන සහ උගත් කම ගැන.
  • ලියවීමේ හැකියාව: මට පුලුවනි කෙනෙක් සමග කථා කිරිමේදි මෙය කටුසටහනක් ලියා හැකිමට, සාමාන්‍ය විදියට කෙනෙකුට ස්තුති කර ලිපියක් ලිව්මට හැකිය.

කෙසේද විභාගයට ඉල්ලුම් කල යුත්තේ?

ඉතාලි විභාග කල යුතු අය තමන්ගේ  නගරයේ  Prefettura  එකට ඉල්ලුම් කල යුතුයි. එය කල හැකි වන්නේ මෙම වෙබ් අඩවිය  http://testitaliano.interno.it  එකට ගිහින් ඔන්ලයින්  තිබෙන ප්‍රෂ්න කොලය පිරවිය යුතුය  (visualizza il fac-simile del modulo online PDF).

                                                    .

කොහේද විභාගය කරන්නේ?

Prefettura එකට අවශ්‍ය ලියකියවිලි සියලුම දේ  නිවැරදිනම්, දවස් 60කට පසු  මෙයින් දැනුම් දෙනුලබනවා, දිනය, වේලාව, යායුතු ස්ථානය (මෙම පිටුව වෙබ් අඩවිය එකෙන් බලන්න "Richiesta partecipazione test di italiano").

ඉතාලි විභාගයට සහභාගි වන ක්‍රමය

කාර්තා සොජෝර්නය ගන්න අවශ්‍ය අය, ඉතාලි විභාගයට සහභාගි වීම සඳහා මෙම Ministero dell’Interno වෙබ් සයිට් එකට https://testitaliano.interno.it  ඇතුලත්වෙන්න.

කරන පිලිවෙල

  1. මුල් පිටුවේ වම් අත පැත්තේ  “Effettua registrazione”  වාක්‍ය උඩ ලකුණු  කරන්න, එසේ නැති නම් ඊ-මේල් එකයි පාස්වර්ඩ් එකයි තිබේ නම් එවා ඇතුලත් කරන්න
  2. ඊ-මේල්  එකයි පාස්වර්ඩ් එකයි ඇතුලත් කලාට පසු “Invia” කියන එක ලකුණු කරන්න, ඊට පසු දෙවෙනි පිටුව සම්පුර්ණ වුනාට  පසු “Richiesta moduli” වාක්‍යය ලකුණු කරන්න
  3. ඉල්ලුම් පත්‍රය සොයා ගන්න,  “Richiesta moduli”  කියන පිටුවේ පහලට යන්න
  4. “Richiesta di ammissione al test di conoscenza della lingua italiana ai fini del rilascio del permesso di soggiorno CE per soggiornanti di lungo periodo”  මෙම වාක්‍යය උඩින් ලකුණු කරන්න
  5. ඔන්ලයින් තිබෙන ඉල්ලුම් පත්‍රය පුරවන්න   “Avanti”  කියන වචනය ලකුණු කරන්න
  6. ඉල්ලුම් පත්‍රය පුරවා යවන්නට කලින් “Salva” වචනය ලකුණු කර ඉන්පසු  “Invia”  කියන වචනය ලකුණු කරන්න
  7. පරිගනිකයෙන් ඉල්ලුම් පත්‍රය ‍යැව්වාට පසු, ඉල්ලුම් කල කෙනාට, විභාගයට පෙර, තැපෑලෙන්  රෙජිස්ටෙර් කල ලිපියක් ලැබෙනු ඇත.

යම් ප්‍රශ්නයක් ඇතිවුවහොත්,  Ministereo dell’Interno Help Desk  උදව්  කරන කාර්යාලයට දන්වන්න

විභාගයට පෙනි සිටිය නැති වුණාහොත් මොකද වෙන්නේ?

හේතුවක් නොමැතිව විභාගයට නොසිටියහොත්, ආපසු ඉල්ලුම් කල හැකි වෙන්නේ දවස් 90කට පසුවයි. දවස් 90කට පෙර පරිගනිකයෙන් ඉල්ලුම් කල නොහැකිය. එකම දෙය වෙන්නේ, තමන්ගේ ශරිර සෞබ්‍ය හේතුන් තිබේනම්, තමන්ගේ පවුලේ දොස්තර ගෙන් සහතිකයක් හෝ තමන්ට අයිති  ASL දොස්තර කෙනෙක්  ගෙන් සහතිකයක් ඉදිරිපත් කල යුත්තේ විභාගය ගන්න පාසැලට. විභාගයට පෙනි සිටීමේ දිනය තිබියදි, එයට පෙනි සිටීමට නොහැකි නම්, මෙම දිනය වෙනස් කර ගැනිමට  Prefettura එකට දැන්විය යුතුයි.

 

මොන ආකාරයටද විභාගය කෙරෙන්නේ?

ඉතාලියෙන් ලියා තිබෙන කොටසක් තේරුම් ගත යුතු වේ, කෙනෙකු සමග සකච්චා කිරීමේ හැකියාව තිබිය යුතු වේ. මෙම සියළුම දේ සිදු වෙන්නේ පරිගනිකයෙන්. තමන්ට හැකි නම් ලියා ඉල්ලුම් කිරිමට පුළුවන. මෙම දෙකේම සඳහන් වී තිබෙන්නේ එකම දෙයකි. මෙම දෙකටම දෙන්නේ එකම කාලයකි.  විභාගයේ ප්‍රතිපල  Prefettura තැනින් දැන  ගත හැකිය. විභාගය අසමත් වුවහොත්, මෙය නැවත වතවක් විභාගය කිරීමට ඉල්ලුම් කල හැකිය.

විභාගේ තිබෙන අත් හදා බැලීම් මොනවාද?

  1. සවන්දිම (විනාඩි 25ක්)
  2. දෙයක් කියවා තේරුම්  ගැනීම (විනාඩි 25ක්)
  3. ලියන්න (විනාඩි 10ක්)
  4. සවන්දීම, දෙදෙනෙක් අතර කථා කිරීමක් තැටිගත කර තිබේ  එයට සවන්දීම.
  • විභාගය කරන කෙනාට ප්‍රශ්න පත්‍රයෙක් දෙනු ලැබේ
  • දෙදෙනෙක් අතර කථා කිරීම ගැන ආපසු ඇහුම්කන්දීමට දෙනු ලැබේ
  • ප්‍රශ්න පත්තර වලට  උත්තර  දෙන ක්‍රමය: හරි හෝ වැරදීයි කියා සටහන් කරන්න, නිදසුනක් ලියා තිබියදී මෙය තේරුම් ගෙන් ලියා අවසන්  කරන්න; ප්‍රශ්න වලට සවසා ඇති උත්තර වලින් නිවැරදි උත්තරය සොයා ලකුණු කරන්න.
  1. කියවීම,
  • සුලු පරිච්චෙදයක් දෙනු ලැබේ, මෙය නිශ්ශබිදව කියවිය යුතුය
  • ප්‍රශ්න පත්තර වලට උත්තර දෙන ක්‍රමය: හරි වැරදීයි කියා සටහන් කරන්න, නිදසුනක් ලියා තිබියදී මෙය තේරුම් ගෙන ලියා අවසන් කරන්න.
  1. ලිවීම,
  • ලිවීමට මාතෳකාවක් දෙනු ලැබේ
  • කෙටි රචනාවක්, යහලුවෙකුට තැපැල් පතක්, ඊ-මේල් එකක් ලියන්න දැන ගත යුතුය, එසේ නැතිනම් ඉල්ලුම් පත්ත්‍රයක් පිරිවීමට දැන ගත යුතුය.

මෙහි සියලු දේ සමත් වී සියයට 80ක් ලකුණු ලබාගත යුතු වේ.

උදාහරණයක් ලෙස බලා ගත යුතු වන්නේ 2011 ජනවාරි 19  Firenze  තිබුණු විභාගය ගැන (testo delle prove del test di conoscenza della lingua italiana [file PDF] ).

 

විභාගයේ ප්‍රතිපල දැනගන්නේ කොහෝමද කොහෙන්ද?

 “Verifica risultato test italiano”  බලන්න

විභාගයේ ප්‍රතිපල

ඉතාලි විභාගයේ ප්‍රතිපල බලාගැනීමට  Ministero dell’Interno වෙබ් අඩවිය https://testitaliano.interno.it  එකට යන්න.

මෙය කොහොමද බලාගත යුතු වන්නේ

  1. ඉන්ටනෙට් පලවෙනී පීටුවේ වම් අත පැත්තේ, ඊ-මේල් එක සහ පාස්වර්ඩ් එක ඇතුලත් කෙරන්න, පසුව “Invia” කියන එක ලකුණු කෙරන්න
  2. ඊ-මේල් එක සහ පාස්වර්ඩ් එක ඇතුලත් කර පසුව, අලුත් පීටුවක් “Servizi disponibili” ඇරෙනු ලැබේ. වම් අත පැත්තේ  “Domande” ලකුණු කෙරන්න
  3. කොටු සභිත රූපයක් දිස් වෙන විට, “Azioni”  වචනය ලඟ  “Lente d’ingrandimento”  පීංතුරය උඩින් ලකුණු කරන්න
  4. නැවත කොටු සභිත රූපයක් පෙන්නුම් කල විට, මෙභි ප්‍රතිපල එභි සටහන් වි ඇත