Regione Toscana
දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය (කාර්තා සොජෝර්නෝ) (Permesso di soggiorno UE per soggiornanti di lungo periodo)

දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය (කාර්තා සොජෝර්නෝ)

කුමක්ද

දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රයෙන් වෙනත් රටවල පුරවැසියන්ට මෙම පහත සඳහන් දේවල් කල හැක:

  • ඉතාලියට ඇතුල්වීමට වීසා අවෂ්‍ය නැත;
  • ඕනැම රැකියවක්  කිරීමට පුලුවන, තවත් කෙනෙකු යටතේ හෝ තමන්ට තනිවම හෝ රැකියාවක්  කල හැක (සමහර රැකියාවල් නීතිය අනුව කල හැකි වන්නේ ඉතලි අයට පමණී);
  • ආණ්සුවෙන් දෙන දීමනාවල, තමන්ට ඉල්ලුම් කල හැක:
    • සමජ උදව් උපකාර;
    • ඉගෙනීමට සහ සෞක්‍යය  සම්බන්ධ දේවල් වලට මුදලින් උදව් කිරීම;
    • නීතිය අනුව එම ප්‍රදේශයේ ජීවත් වීමට පුලුවන.

කා හටද ඉල්ලුම් කල හැකි වන්නේ

  • ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍රය අවුරුදු 5ක් කල සිමව තුල මෙය තිබිය යුතුය, මෙය අවලංගු නැති එකක් විය යුතුය;
  • අවුරුද්දේ  “ASSEGNO SOCIALE” සදහන් කරනලද මුදලට වඩා තමන්ට ලැබෙන ආදායම අඩුවීමට නොහැක;
  • ඉතාලි භාෂාවෙන් විභාගය සමත්  විය යුතුය (සමහර අවස්ථා වල විභාගය කිරීමට අවශ්‍ය නැත).

ඉතාලිය රටේ නොසිටින

අවුරුදු 5ක් කාල සීමව තුල, ඉතාලි රටෙන් පිටව සිටි හැකි වන්නේ මෙම පහත සඳහන් අවස්ථා වලදි පමණකි:

  • පිට සිටින කාල සීමව එකදීගට මස 6කට වැඩි විය නොහැක, එසේ නැති නම් අවුරුදු 5ක් කාල සීමව ඇතුලත මාස 10කට වැඩිය රැඳී සිටීමට නොහැකිය;
  • මාස 10කට  වැඩිය රැඳී  සිටියහොත්, ඉදිරීපත් කල යුතු  ලියකියවිලි: අනීවාර්යෙන්ම හමුදාවට යායුතු නම්, බරපතල සෞක්‍යය ප්‍රශ්න, අනිකුත් බරපතල ප්‍රශ්න.

කා හටද ඉල්ලුම් කරන්න බැරි

මෙම පහත සඳහන් අයට ඔල්ලුම් කල නොහැක:

  • ඉගෙනීමට රැඳී සිටීම හා රැකියා පුහුණුවන සිටින අය;
  • තමන්ගේ ආරකෂාව සඳහා බලපත්‍රය ලැබුනු අය සහ ආරකෂාවට බලපත්‍රය ඉල්ලුම් කල අය;
  • ජාත්‍යයන්තරෙ ආරකෂාව සඳහා ඉල්ලුම් කර බලා සිටින අය;
  • රැඳී සිටීමේ බලපත්‍රය කෙටි කාලිනව තිබෙන අය;
  • 1963-1969-1975 “Convenzione di Vienna” අයිතී වෙන පුද්ගලයන්ට.

නොදෙන්නේ කා හටද

දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය රටට සහ මහජනතාවට හා භයානක පුද්ගලයන්ටෙ.

ඉල්ලුම් කරන්නේ කෙසේද

ඉල්ලුම් පත්‍රය ලබා ගැනීමට යයුතු තැන්: තැපැල් කන්තෝරු, නගර සභාව සහා                .

කොපමණ කාලයකටද තිබෙන්නේ

දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රයට, අවලංගු දිනයක් නෙමැත.

හඳුනා ගැනීමේ බලපත්‍රය

දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය, තමන්ට ලිය කියවිල්ලක් වශයෙන්  ඉදිරිපත් කල හැකි වන්නේ අවුරුදු 5ක කාලසීමාව ඇතුලත පමණි. නැවත අලුත් කල හැක්කේ තමන්ගේ අලුත් ජයාරූප සමගය.

දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය අවලංගු වන අවස්ථා වල්

පහත සඳහන්  අවස්ථාවල්දි දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය අවලංගු කරණු ලැබේ:

  • නිත්‍යානු කුලව මෙය නෙමැති නම්;
  • රටින් පිටවෙන්න කියා දැනුවත් කර තිබේ නම්;
  • මෙය ලබා ගැනීමට සුදුසු කම් නැති නම්;
  • එක දිගට මාස 12කට වැඩිය යුරෝපා සංවිධානයට අයත් වෙන රටවල් වෙලින් පිට සිටිය හොත්;
  • යුරෝපා සංවිධානයේ වෙනත් රටවලින් දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රයක් තිබේ නම්;
  • අරකෂාව සහ සරනාගත තත්වය නැති වුන හොත්.

ඉහත සඳහන් කරුණු නිසා නැතිවුණු රැඳී සිටීමේ බලපත්‍රය නැවත  වතාවක් ලබාගන්නේ කෙසේද

පලමු වතාවේදී  ඉල්ලුම් කල ආකාරයට නැවත වතාවක් ඉල්ලුම් කිරීම. මෙම ආකාරයට කරන්නේ නම් අවුරුදු 3ක වලංගු රැඳී සිටීමේ බලපත්‍රයක් තිබි ය යුතුය.

තවත් තොරතුරු ලබා ගැනීමට

දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය සඳහා වෙන්නේ තොරතුරු ලබා ගැනීමට ඉහත සඳහන්  වෙබ් අඩවියට ඇතුල්වෙන්නේ: www.immigrazione.regione.toscana.it » Contenuti » Schede informative sui procedimenti » Permesso di soggiorno UE per soggiornanti di lungo periodo per stranieri e loro familiari

තොරතුරු ලබා ගැනීමට

Questura di Firenze

Via della Fortezza, 17

Fax 0554977062

e-mail: immig.quest.fi@pecps.poliziadistato.it