Regione Toscana
නිවසක් පවරා දීම හෝ ආගන්තුක සත්කාරය - Comunicazione di cessione di fabbricato o di ospitalità

නිවසක් පවරා දීම හෝ ආගන්තුක සත්කාරය - Comunicazione di cessione di fabbricato o di ospitalità

කුමක්ද

නිවසක් හෝ කාමරයක් කුලියට දීම හෝ ආගන්තුකයකුට නොමිලේ දෙනවානම් ( ඥාතියකුට හෝ) comunicazione di cessione di fabbricato o di ospitalità කල යුතුය. ( "fabbricato" තේරුම නිවසක් යන අරුතයි)

දැනුම් දෙන්නේ කවුද
කුලි පදනම මතනම්:
නිවසේ අයිතිකරු වලංගු කොන්ත්‍රාත්තු කොලය, තමාගේ හඳුනා ගැනීමේ පත්‍රයක් හා කුලියට එන අයගේ හඳුනා ගැනීමේ පත්‍රයක් සමඟ  Agenzia delle Entrata ස්ථානයට බාර දිය යුතුය.

ආගන්තුකයකුට නොමිලේ  දීම: නිවසේ හිමියා තමාගේ විස්තර හා ආගන්තුකයාගේ විස්තර දැනුම් දිය යුතුය:

  • දෙදෙනාගේම ගමන් බලපත්‍රවල හෝ හඳුනා ගැනීමේ පත්‍රවල විස්තර;
  • ආගන්තුකයා සිටින නිවසේ ලිපිනය.

කුලි හිමියා හෝ ආගන්තුක හිමියා:

  • යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති පුරවැසියෙකු නම් සෑම විටමක දීම දැනුම් දිය යුතුය;
  • ඉතාලි හෝ යුරෝපා සංගමයේ රටවල් වලට අයිති පුරවැසියෙකු නම්  නිවසේ දවස් 30 කට වැඩිය රැඳී සිටිනවා නම් දැනුම් දිය යුතුය.

සැලකිය යුතුයි:  කුලී කොන්ත්‍රාත්තුව Agenzia delle Entrate  හී ලියාපදිංචි වී ඇත්නම් දැනුම් දීමට අවශ්‍ය නැත.

දැනුම් දෙනු ලබන්නේ කොයි වේලාවේ ද
නිවසට ඇතුල් වීමෙන් පසු පැය 48 ක් ඇතුලත දැනුම් දිය යුතුය.

දැනුම් දෙනු ලබන්නේ කොහේද
නිවස පිහිටි ස්ථානයේ ආරක්ෂා වට සිටින අයට දැනුම් දිය යුතුය. ( කරාබිනියේරී, පොලීසිය හෝ නගර සභා පොලීසියටයි)

ප්‍රවේශම් විය යුතුයි
දැනුම් නොදී සිටින පුද්ගලයාට යුරෝ  160 සිට යුරෝ 1.100 ක් දඩ මුදලක් වශයෙන් ගෙවීමට සිදුවේ.

පොලිස් වෙබ් අඩවියෙන් නිවසක් පවරා දීම හෝ ආගන්තුක සත්කාරය දැනුම් දීමට අවශ්‍ය පෝර්මය ලබා ගත හැක

තොරතුරු සඳහා
www.poliziadistato.it/articolo/23001/

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione