Regione Toscana
ස්වයං රැකියාවක් කිරීමට අවශ්‍ය ලියකියවිලි - Elenco dei documenti richiesti per l'attività di lavoro autonomo

ස්වයං රැකියාවක් කිරීමට අවශ්‍ය ලියකියවිලි - Elenco dei documenti richiesti per l'attività di lavoro autonomo

1. උගත් රැකියා කිරීමට

එම රැකියා වෙනුවන් පෙනී සිටින කණ්ඩායමේ  අයගේ අවසර ප්‍රකාශය තිබිය යුතු අතර හෝ එම රැකියාව  පටන් ගත් බවට   පරික්ෂා කරන අයට දැනුම් දුන් ප්‍රකාශය තිබිය යුතුයි;
නීතිය අනුව සෞඛ්‍යය සේවයට ඇති ගෙවීම් වලින් වලක්වන ප්‍රමාණයට වැඩිය ( යුරෝ 8.500,00) වැටුපක් තිබෙන බවට පෙන්විය යුතුය;

2. ව්‍යාපාරිකයා, වෙළඳ හා කාර්මාන්තකරු

  • රැකියාව කරන පළාතේ Camera di Commercio, Industria, Artigianato e Agricoltura හෝ එම රැකියා වෙනුවන් පෙනී සිටින කණ්ඩායමෙන් මුදල් ප්‍රමාණය ඇති බවට දෙන  සහතිකය (art. 39, comma 3, del DPR 394/1999);
  • ඉහත කී සහතිකයේ මුදල් ප්‍රමාණය තිබෙන බව පෙන්වීම;
  • ඉහත කී සහතිකය දෙනු ලබන්නේ ඉල්ලුම් කරුගේ ඉතාලියේ තිබෙන මුදල් ප්‍රමාණය අනුවයි, අවුරුද්දේ ප්‍රාග්ධනය මාසයක assegno sociale ඇති ගණනට වඩා අඩුවීමට නොහැකිය;
  • Partita I.V.A. හි ලැබුණු අනු පිටපතක්;
  • එම රැකියා වෙනුවන් පෙනී සිටින කණ්ඩායමේ  අයගේ අවසර ප්‍රකාශය තිබිය යුතුය;
  • නීතිය අනුව සෞඛ්‍යය සේවයට ඇති ගෙවීම් වලින් වලක්වන ප්‍රමාණයට වැඩිය ( යුරෝ 8.500,00) වැටුපක් තිබෙන බවට පෙන්විය යුතුය.

3. කොන්ත්‍රාත්තු මාර්ගයෙන් දෙන සේවය හා අනුශාසනා සේවය

  • තමා විසින් කරන සේවයෙහි ව්‍යාපාරික ස්ථානය අඩුම වශයෙන් Registro delle Imprese (Visura Camerale) හි අවුරුදු 3ක ලියාපදිංචි සහතිකය;
  • Registro delle Imprese හි ව්‍යාපාරික ස්ථානය අන්තිමට තැන්පත්  කල ශේෂය (ප්‍රාග්ධන සමාගමක් නම්),  තමාට ජිවත් වීමට ලාභයක් ඇති බව අන්තිම වැටුප් පතෙහි ප්‍රකාශයක් මගින් පෙන්නුම් කිරීම (තනිව සමාගමක් හෝ සමුහ සමාගමක්);
  • රැකියා කොන්ත්‍රාත්තුවෙන් වැඩ කරන කෙනාට නීතිය අනුව සෞඛ්‍යය සේවයට ඇති ගෙවීම් වලින් වලක්වන ප්‍රමාණයට වැඩිය ( යුරෝ 8.500,00) වැටුපක් තිබෙන බවට පෙන්විය යුතුය;
  • Direzione Provinciale del Lavoro ට යැවු වග කීමේ ප්‍රකාශයහි පිට පතක්. මෙම ප්‍රකාශයෙහි ඇත්තේ අත්සන් කල කොන්ත්‍රාත්තුවෙන් රැකියාව දෙනු ලබන තැනැත්තා යටතෙහි රැකියා සම්බන්ධ තාවයක් ඇති නොවන බවයි.

4. සාමාජිකයා හා සමාගමේ පරිපාලිකයන්

  • සමාගමේ ආරම්භ කල ඔප්පුව;
  • සමාගමේ අඩුම වශයෙන් Registro delle Imprese (Visura Camerale)  හි අවුරුදු 3ක ලියාපදිංචි සහතිකය;
  • සමාගම වෙනුවෙන් පෙනී සිටින කෙනාගේ ප්‍රකාශයක්. එයින් අදහස් වන්නේ  කොන්ත්‍රාත්තු මාර්ගයෙන් දෙන සේවයට හෝ එහි සේවය කරන අයට නීතිය අනුව සෞඛ්‍යය සේවයට ඇති ගෙවීම් වලින් වලක්වන ප්‍රමාණයට වැඩිය ( යුරෝ 8.500,00) වැටුපක් තිබෙන බවය;
  • Registro delle Imprese හි ව්‍යාපාරික ස්ථානය අන්තිමට තැන්පත්  කල ශේෂය (ප්‍රාග්ධන සමාගමක් නම්),  තමාට ජිවත් වීමට ලාභයක් ඇති බව අන්තිම වැටුප් පතෙහි ප්‍රකාශයක් මගින් පෙන්නුම් කිරීම (තනිව සමාගමක් හෝ සමුහ සමාගමක්);
  • Direzione Provinciale del Lavoro ට යැවු වග කීමේ ප්‍රකාශයහි පිට පතක්. මෙම ප්‍රකාශයෙහි ඇත්තේ අත්සන් කල කොන්ත්‍රාත්තුවෙන් රැකියාව දෙනු ලබන තැනැත්තා යටතෙහි රැකියා සම්බන්ධ තාවයක් ඇති නොවන බවයි.

5. භාෂාව ඉගෙනීම සඳහා උදව් කරන විශ්ව විද්‍යාල වලට එන තැනැත්තා

  • රජයේ හෝ පුද්ගලික විශ්ව විද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක ප්‍රකාශයක් එහි සේවය කිරීමට එම කෙනාට සුදුසු කම් ඇති බවට;
  • නීතිය අනුව සෞඛ්‍යය සේවයට ඇති ගෙවීම් වලින් වලක්වන ප්‍රමාණයට වැඩිය ( යුරෝ 8.500,00) වැටුපක් තිබෙන බවට පෙන්විය යුතුය;
  • Direzione Provinciale del Lavoro හි සහතිකයක්. මෙම සහතික යෙහි ඇත්තේ එන තැනැත්තාට විශ්ව විද්‍යාල යටතෙහි රැකියා සම්බන්ධ තාවයක් ඇති නොවන බවයි.

6. පරිවර්තකයා

  • පාසැලෙන් හෝ රැකියා මට්ටමින් භාෂාව පිලිබඳ ලැබුනු සහතිකය. මෙම සහතිකය ලබාගෙන ඇත්තේ රජයේ හෝ පුද්ගලික පාසැලකින් හෝ ආයතනයකින් විය යුතු අතර නිකුත් කල රටේ නීතිය අනුව හා භාෂාව අදාල රටේ රාජ්‍යතාන්ත්‍රික පරික්ෂාවට ලක්විය යුතුය;
  • නීතිය අනුව සෞඛ්‍යය සේවයට ඇති ගෙවීම් වලින් වලක්වන ප්‍රමාණයට වැඩිය ( යුරෝ 8.500,00) වැටුපක් තිබෙන බවට පෙන්විය යුතුය;
  • Direzione Provinciale del Lavoro හි සහතිකයක්. මෙම සහතික යෙහි ඇත්තේ පරිවර්තකයාට වෙනත් කෙනෙකු    යටතෙහි රැකියා සම්බන්ධ තාවයක් ඇති නොවන බවයි.
La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione