Regione Toscana
හී ඉල්ලුම් පත්‍ර යැවිම සඳහා ඇති අන්තර් ජාල සේවය - Sito del Ministero dell'Interno per inviare le domande

හී ඉල්ලුම් පත්‍ර යැවිම සඳහා ඇති අන්තර් ජාල සේවය - Sito del Ministero dell'Interno per inviare le domande

ඉල්ලුම් පත්‍ර යැවිම සඳහා ඇති අන්තර් ජාල සේවයේ වෙබ් අඩවිය https://nullaostalavoro.dlci.interno.it වන අතර රැකියාව දෙන තැනැත්තාට මෙම දේවල් ඉල්ලුම් කල හැක:

  • වෙන කෙනෙකු යටතේ රැකියාව කිරීම, ගෘහ රැකියාව, කාල සීමාවකට පමනක් අයිති රැකියාවන් සඳහා නුල්ලා ඔස්තා (*);
  • විශේෂ රැකියා සඳහා නුල්ලා ඔස්තා (නීති අංක art. 27 D.Lgs. n. 286/98);
  • පිට රට පාසැල් වල හෝ විශ්ව විද්‍යාල වෙනුවෙන් ඉතාලියේ ගුරු රැකියා සඳහා නුල්ලා ඔස්තා (නීති අංක legge n.103/2002);
  • විද්‍යා පර්යේෂන කටයුතු සඳහා ඉතාලියට ඇතුල් වීමට හා රැඳී සිටීමට  හැකි නුල්ල ඔස්තා (නීති අංක art. 27 ter D.Lgs. n. 286/98);
  • රැකියාවල් වලට වැඩි සුදුසුකම් ඇති අය සඳහා නුල්ලා ඔස්තා ( නිකුත් කිරීම Carta Blu UE) (නීති අංක art. 27-quater D.Lgs. n. 286/98);
  • යුරෝපා සංගමයට අයිති රටවල් හි  වෙන කෙනෙකු යටතේ රැකියාව කිරීම සඳහා දීර්ඝ කාලයක්  රැඳී සිටීමට ඇති නුල්ලා ඔස්තා (*).

(*) සෑම වසරක් පාසා ඉතාලියට ඇතුල්වීමට ඇති නීති (Decreto FLussi) කොන්දේසි හා ක්‍රම අනුවයි

විදේශිකයාට මෙම දේවල් ඉල්ලුම් කල හැක:

  • පවුලේ අයට එක්වීමට ඇති නුල්ලා ඔස්තා;
  • පිට රට ශිෂ්‍යයාට අවුරුදු 18 ට වැඩිනම් හෝ උපාධියක් ලබා ගෙන ඇතිනම්,  ඉගෙනිමට තිබුනු  රැඳී සිටීමේ බලපත්‍රය,    වෙන කෙනෙකු යටතේ රැකියාව කිරීමට  හෝ තනි රැකියාවක් කිරීම සඳහා මාරු කිරීමට හැකිය;
  • යුරෝපා සංගමයේ දීර්ඝ කාලයක්  රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කල අය, ඉතාලි;
  • භාෂාවේ විභාගයට සහභාගි වීම;
  • ඒකීය වීමේ ගිවිසුම කිරිමට පවුලේ අයගේ තොරතුරු ඇතුල් කිරිම;
  • ඉතාලි භාෂාව, ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳ විභාගයට සහභාගි වීම.

උපදෙස්

සේවයට ලියා පදිංචි කිරීම:
ඉල්ලුම් පත්‍ර යැවිම සඳහා ඇති අන්තර් ජාල සේවය පලමු වතාවට පාවිච්චි කිරීමට Ministero dell’Interno යට ඉල්ලුම් පත්‍ර යැවිම සඳහා ඇති අන්තර් ජාල සේවයට පෝරමයක් පුරවා  ලියා පදිංචි වන්න. මෙයට අවශ්‍ය තමාගේ තොරතුරු:

  • වාසගම
  • නම
  • ඊ මේල්  ලිපිනය
  • උපන් දිනය
  • Password

ලියා පදිංචි වන අවස්ථාවේ ප්‍රශ්න ඇතිනම් Help Desk සේවයට දැනුම් දෙන්න. 

ලියා පදිංචි වීමෙන් පසු ඉල්ලුම් පත්‍ර යැවිම සඳහා ඇති අන්තර් ජාල සේවයට ඇතුල් වීමට  ඊ මේල් ලිපිනයට password ලැබෙනු ඇත.

ඉල්ලුම් පත්‍ර ලබාගන්නේ කෙසේද:
ඉල්ලුම් පත්‍රය තෝරා ගැනීමට හා පිරවීමට අවශ්‍ය දේවල්:

  1. තමාගේ  ඊ මේල් ලිපිනය හා password ලියා සේවයට ඇතුල් වන්න;
  2. සේවයට ඇතුල් වුන පසු "Richiesta Moduli" ක්ලික් කරන්න;
  3. ලැයිස්තුවෙන් තමාට අවශ්‍ය ඉල්ලුම් පත්‍රය තෝරා ගන්න;
  4. ඉල්ලුම් පත්‍රය සම්පුර්ණ කර පුරවා "Invia" ක්ලික් කර යවන්න. පරිඝනක තිරයේ වම් පැත්තේ ඉල්ලුම් පත්‍රයට පිරවීමට අවශ්‍ය උපදෙස්  ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.

Ministero dell’Interno සමග අත්සන් කර ඇති  විවිධ සංගම් මගින් හෝ නගර සභාවේ විදේශික සේවය සඳහා වෙන්වු සේවකයන්ගෙන් ඉල්ලුම් පත්‍රය පුරවා යැවීමට උදව් ලබා ගත හැක.

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione