Regione Toscana
හී ඇති අන්තර් ජාල සේවය - ඒකියවීමේ ගිවිසුම - Sito del Ministero dell'Interno per controllare l'Accordo di integrazione

හී ඇති අන්තර් ජාල සේවය - ඒකියවීමේ ගිවිසුම - Sito del Ministero dell'Interno per controllare l'Accordo di integrazione

Ministero dell’Interno  වෙබ්  අඩවියෙන් https://accordointegrazione.dlci.interno.it  ඒකියවීමේ ගිවිසුම අත්සන් කල වෙනත් රටවල් වල  විදේශිකයාට කල හැකි දේවල්:

  • අත්සන් කල ගිවිසුමේ තොරතුරු බලා ගැනිමට හෝ තමාගේ ලිපිනය, දුරකථන අංකය නැවත වෙනස් කිරීමට;
  • ගිවිසුමේ තත්වය බලා ගැනීම;
  • ඉතාලි භාෂාව, ඉතාලියේ ජීවත් වන ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳ විභාගයට සහභාගි වීම (ගිවිසුම පරික්ෂා කරනු ලබන්නේ අවුරුදු 2කට පසුවයි).

උපදෙස්

(https://accordointegrazione.dlci.interno.it/Ministero/documentiAI/Istruz...)

Ministero dell’Interno  හී  ඇති අන්තර් ජාල සේවයට ලියා පදිංචි වී තමාගේ පවුලේ තොරතුරු  සඳහන් නොකලහොත්, ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී  එහි සේවකයාට එම තොරතුරු ලබා දීමෙන් පසු තාවකාලිකව  password එක ලැබෙයි.

තාවකාලිකව password එකෙන් පලමු වතාවට වෙබ් අඩ වියට ඇතුල් වෙනවානම්, එම අන්තර් ජාල සේවයෙන් තමාගේ වලංගු ඊ මේල් ලිපිනය හා නව password එක ඉල්ලනු ලබයි ( password  එක අඩුම වශයෙන් එක ඉලක්කමක් ඇතුලුව අක්ෂර 8 ක් විය යුතුය).

පසුව ඉහත සඳහන් කල ලිපිනයට ඊ මේල් පනිවිඩයක් ලැබෙයි. එය අනුමත කිරීමට පුද්ගලයා ඊ මේල් පනිවිඩය කියවා එහි ඇති වෙබ් අඩවියේ ලිපිනය උඩ ක්ලික් කරන්න.
මෙම දේවල් නිවැරදිව කලහොත් එම අන්තර් ජාල සේවයට ඇතුල් වීමට ඉහත ඊ මේල් ලිපිනය  හා password ඇතුලත් කරන්න.
ඒකියවීමේ ගිවිසුමට අත්සන් කල පුද්ගලයා, වෙබ් අඩවියට ඇතුල් වීමෙන් පසු, පරිඝනක තිරයේ වම් පැත්තේ ඇති  " Accordo Integrazione" යන කොටසෙන් ගිවිසුමේ ඇති තොරතුරු බලා ගත හැක.

මෙහි තිබෙන තොරතුරු වලින් පෙන්වන්නේ ගිවිසුමෙහි ඇති සජිවීව තත්වය වන අතර මෙය වෙන් වශයෙන් කොටස් වලට බෙදී ඇත:

  • තමන්ගේ විස්තර;
  • ගිවිසුමේ ප්‍රධාන තොරතුරු (ගිවිසුමේ අංකය, අත්සන් කල දිනය, වලංගු කාලය, ගිවිසුමේ තත්වය, පරික්ෂා කරන දිනය, පරික්ෂාවෙන් පසු එයට පිලිතුරු);
  • අනිවාර්‍ය යෙන්ම කල යුතු ඉතාලියේ ජීවත්වෙන  ක්‍රමය පිලිබඳ පාඨමාලවේ ඇති තොරතුරු (දිනය, ස්ථානය, එය වෙනුවෙන්  වෙන්කර ගැනීමේ තත්වය);
  • පවුලේ  අයගේ විස්තර;
  • අවුරුදු 16 - 18 අතර ළමුන්ගේ දෙමවුපියන්ගේ විස්තර හෝ ගිවිසුම අත්සන් කල වේලාවේ සිටි භාරකරුගේ විස්තර;
  • සම්බන්ධ වීමේ තොරතුරු: වෙනස් කිරීමට හැකි දේවල් මාරු කල හැක, එම දේවල්  එම අවස්ථාවේදීම අන්තර් ජාලයට ඇතුල් වනු ඇත;
  • ගිවිසුම පරික්ෂාවේ තොරතුරු (ලකුණු කොපමණද, මොන අංශයේ ලකුණුද, ලැබුනු ලකුණු වල විස්තර,  කොපමණද ලකුණු ලැබුනාද/ අඩු කලාද);
  • ඉතාලි භාෂාවේ විභාගය වෙන්කර ගැනීමේ තොරතුරු: මෙම කොටසින් "Richiesta Prenotazione" ක්ලික් කර ඉතාලි භාෂාවේ විභාගය කිරීමට දිනයක් වෙන්කර ගත හැක. අන්තර් ජාලය මගින් ඉතා ඉක්මනින්ම දිනයක් ලැබෙයි. ඊට පසු එම තොරතුරු (දිනය හා වේලාව, ස්ථානය, තත්වය) අන්තර් ජාලයෙන් පෙන්නුම් කරනු ලබයි;
  • ඉතාලියේ ජීවත්වෙන  ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳ විභාගය වෙන්කර ගැනීමේ තොරතුරු: මෙම කොටසින්  "Richiesta Prenotazione" ක්ලික් කර ඉතාලියේ ජීවත්වෙන  ක්‍රමය හා සංස්කෘතිය පිලිබඳ  විභාගය කිරීමට දිනයක් වෙන්කර ගත හැක. අන්තර් ජාලය මගින් ඉතා ඉක්මනින්ම දිනයක් ලැබෙයි. ඊට පසු එම තොරතුරු (දිනය හා වේලාව, ස්ථානය, තත්වය) අන්තර් ජාලයෙන් පෙන්නුම් කරනු ලබයි.

රැකියාව දෙනු ලබන තැනැත්තා නුල්ලා ඔස්තා ඉල්ලුම් කල පසු, ඒකියවීමේ ගිවිසුම අත්සන් කිරීමට විදේශිකයා අන්තර් ජාලයෙන් CNF පෝර්මය පුරවා තමාගේ පවුලේ අයගේ අවශ්‍ය විස්තර සඳහන් කර බාර දිය හැක.
පෝර්මය පිරවීමට  "Richiesta Moduli" කොටසට යන්න ( CNF පෝර්මය).

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione