Regione Toscana
වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියාවට ඇති නුල්ලා ඔස්තා සඳහා ප්‍රශ්න සහ පිලිතුරු - Domande e risposte sul nullaosta al lavoro stagionale

වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියාවට ඇති නුල්ලා ඔස්තා සඳහා ප්‍රශ්න සහ පිලිතුරු - Domande e risposte sul nullaosta al lavoro stagionale

1.වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියා යනු කුමක්ද?
වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියා ලැයිස්තුව බලන්න.

 

2. එකතු කිරීමේ ඉල්ලුම (richiesta cumulativa) යනු කුමක්ද?
එකම කෙනෙකු වෙනුවෙන්  එම කාල සීමාවලට අවශ්‍ය වන පරිදි රැකියාව දෙනු ලබන්නන් කීප දෙනෙකුටම ඉල්ලුම් කල හැකිය ( එකතු කිරීමේ ඉල්ලුම).

වසරේ සම්පුර්ණ රැකියා කරන කාලය දවස් 20 කට වැඩිය යුතු අතර මාස 9 කට අඩුවිය  යුතුයි.

 

3. නුල්ලා ඔස්තා සඳහා ඉල්ලුම  සැම අවස්ථාවකදිම කල හැකිද?
නැත, Gazzetta Ufficiale හි  වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියාවල් වලට Decret Flussi නිකුත් වීමෙන් පසුවයි.

 

4. නුල්ලා ඔස්තා සඳහා ඉල්ලුම ඉදිරිපත් කල යුතු වන්නේ කුමන Sportello Unico per l’Immigrazione යටද?
වෙබ් අඩවිය මාර්ගයෙන් යවන  ඉල්ලුම් පත්‍රය, රැකියා කරන පළාත අනුව,  අයිති Sportello Unico  ට ලැබෙනු ඇත.

 

5. නුල්ලා ඔස්තා නිකුත් කරනු ලබන්නේ කොපමණ කාලයකටද?
වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියාවට ඇති නුල්ලා ඔස්තා වලංගු කාලය (රැකියා කරන කාලය අනුව) අඩුම වශයෙන් දවස් 20 ක සිට වැඩිම මාස 9 ක් විය යුතුයි.

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione