Regione Toscana
A2 හි මට්ටමේ ඉතාලි භාෂා විභාගය නොකරයුත්තේ මොන අවස්තා වලදීද?

A2 හි මට්ටමේ ඉතාලි භාෂා විභාගය නොකරයුත්තේ මොන අවස්තා වලදීද?

යුරෝපීය සංගමයේ රැඳී සිටීමේ බලපත්‍රයට ලබා ගැනීම සදහා,දිගුකාලීනව රැදීසිටීම සදහා, මම ඉතාලී භාෂාව දන්නවා කියා පෙන්නන්න ඔන.නමුත් මෙම අවස්ථා වලදී නොවේ: / In quali casi non devo fare il test di lingua italiana livello A2

  • ඔබ ඉතාලියේදී මධ්යම පාසල් ඩිප්ලෝමාව(තෙර්සා මේදියා) ලබාගෙන තියනවනම්.

  • ඔබ ඉතාලියේදී උසස් පාසල හෝ තාක්‍ෂණ ආයතනය හෝ වෘත්තීය ආයතනයකින් ලබාගත් ඩිප්ලෝමාව(සුපේරිඕරේ) ලබාගෙන තියනවනම්.

  • ඔබ A2 මට්ටමේ ඉතාලි භාෂා පාඨමාලාවක් කරතිබේනම්CPIA (වැඩිහිටි අධ්‍යාපනය සඳහා තිබෙන පළාත් මධ්‍යස්ථාන) එහි අවසාන විභාගය සමත්නම්.

  • ඉතාලි භාෂාව පිළිබඳ සහතික පත්‍රයක් ලබා ගෙන ඇතීනම් A2 මට්ටමේදී හෝ උසස් පාසලකින්, Studi Roma Treවිශ්ව විද්‍යාල,විශ්ව විද්‍යාලper stranieri di Perugia, විශ්ව විද්‍යාලper gli stranieri di Siena, Dante Alighieri සමාගම හෝ වෙනත් බලයලත් කාර්යාල වලින්.

  • ඔබට තිබේනම් CELI, CILS, PLIDA o CERT.IT ඩිප්ලෝමාව d ඉතාලි භාෂාව පිළිබඳ සහතික පත්‍රයක් ලබා ගෙන ඇතීනම් A2 මට්ටමේදී ඉතාලියට ඒමට පෙර පිට රටකින් ලබාගත්.

  • ඉතාලි විශ්ව විද්‍යාලයක උපාධියක් හෝ master උපාධියක් හෝ ආචාර්‍ය උපාධියක් කරමින් සිටීන්නේනම්.

  • ඔබ ඒකාබද්ධ කිරීමේ ගිවිසුම මඟින් සපයා ඇති මාර්ගය අවසන් කර ඇති අතර ඔබට Prefettura හින් ඉටුවන ආඥාව decreto di adempimento ලැබී තිබේනම්.

  • ඔබ ජාත්‍යන්තර ආරක්‍ෂාව ලබා ගෙන ඇතිනම්.

  • දිගුකාලීනව රැදීසිටීමේ බලපථ්‍රයක් තිබේනම්, මොකද ඔබ ඉතාලී පුරවැසියෙකුගේ දෙවනි මට්ටමේ පවුලේ සාමාජිකයෙක් නිසා. (සහකරු හෝ සහකාරිය, දෙමාපියන්, සහෝදරයා,දරුවාගේ දරුවා).

  • ඉතාලි ඉගෙනීම වළක්වන රෝගයක් ඔබට තිබේනම්.

 

ඉතාලි භාෂාව ඉගෙනීම වළක්වාලන රෝගයක් තිබෙනබව මම ඔප්පු කරන්නේ කොහොමද? / Come faccio a dimostrare di avere una malattia che mi impedisce di studiare e imparare la lingua italiana?

මුලින්ම ඔබ ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත යන්න.ඔබගේ වෛද්‍යවරයා ප්‍රථම සහතිකය ලියයි පසුව දේශීය සෞඛ්‍ය අධිකාරියේ (ASL) වෛද්‍ය පරීක්‍ෂකවරයෙකු වෙත යවයි.

 

මම දැනටමත් ඉතාලි භාෂාව දැන සිටින බව ඔප්පු කළ හැකි කෙසේද​?/ Come faccio a dimostrare di conoscere già la lingua italiana?

දිගුකාලීනව රැදීසිටීමේ බලපථ්‍රය ඉල්ලන අයදුම්පත්‍ර කට්ටලය KIT තුළ ඔබ දැනටමත් ඉතාලි භාෂාව දැන සිටින බව ඔප්පු කරන හෝ එය ඉගනගන්න බැහැ කියා ඔප්පු කරන ලේඛනවල ඡායාපිටපත් (ඩිප්ලෝමාව​,සහතික,ASL වෛද්‍ය පරීක්‍ෂකවරයා විසින් දුන් සහතිකය​...)

Aggiornamento: novembre 2017

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione