Regione Toscana
පදිංචිය Residenza

පදිංචිය Residenza

මම සිටිනා නිවසේ පදිංචිය ලබාගැනීම හො පදිංචිය වෙනස් කිරීම / Devo chiedere o cambiare la residenza (l’indirizzo della casa in cui abito)

පදිංචිය සඳහා මම අයදුම් කළ යුතු පලමු අවස්තාව කුමක්ද? / Quando devo chiedere la residenza per la prima volta?
●    ඔබ දින 90 කට වඩා වැඩි කාලයක් වීසා බලපත්‍රයක් සමඟ ඉතාලියට ඇතුලත්වීමෙන් පසු, Questuraහින් හෝ තැපැල් කාර්‍යාලයෙන්  ඔබ kit postaleමගින් පදිංචි බලපත්‍රයක් සඳහා අයදුම් කරන විට.

පදිංචිය වෙනස් කිරීම සඳහා අයදුම් කළ යුත්තේ කවදාද? / Quando devo chiedere il cambio di residenza?
●    ඉතාලියේ එක Comuneයක පදිංචිය තිබෙනකොට, වෙනත් Comuneයක් හට පදිංචිය වෙනස්කරගන්න අවශ්‍යනම්;
●    ඔබ ඉන්නා Comuneහීම වෙනත් නිවසකට යනවානම්;
●    ඔබ Comuneනගරයෙන් අවලංගු කර ඇති විට ඔබ නාගරික පොලීසිය විසින් නිවසට පැමිනිය වේලාවේ නිවසේ සිටියේ නැතිනිසා.

පළමු වතාවට මා පදිංචිය ඉල්ලා සිටිය යුත්තේ කොතනින්ද /  Dove devo chiedere la residenza per la prima volta?
ඔබගේ Comuneහී Anagrafeකාර්‍යාලයෙන්.

මගේ පදිංචිය වෙනස් කලානම් මා කළ යුත්තේ කුමක්ද? / Cosa devo fare se ho cambiato residenza?
ඔබගේ Comuneහී Anagrafeකාර්‍යාලය වෙත ඔබ යායුය, අලුත් නිවසට යන සැනින්ම.සෑම විටම ඔබගේ වාසගම සීනුව මත සහ තැපැල් තැපෑල මත ලියාතබන්න මතක තබා ගන්නඅලුත් ලිපිනයට ඔබට ලියුම් එනැස සකසන්න, මෙම webඅඩවියට යන්න  servizio “Seguimi” delle Poste.

Comuneහී Anagrafeකාර්‍යාලය වෙත ගෙනයුත්තේ මොනවාද? / Cosa devo portare all’Ufficio Anagrafe del Comune?
ඔබ හා පවුලේ සියලූම සාමාජිකයින් සඳහා ඔබ විසින් මුල් පිටපත(original) හා ඡායා පිටපත් රැගෙන යා යුතුය:
●    වලංගු ගමන් බලපත්‍රයක් (හෝ වෙනත් හඳුනාගැනීමේ ලේඛනයක්);
●    codice fiscale (විවිධ භාෂා වලින් සරලව;
●    වලංගු රැදීසිටීමේ බලපත්‍රය;
●    ඔබ පදිංචි ලියකියවිලි තැපැල් කාර්‍යාලයට ඉදිරිපත් කර ඇත්නම් තැපැල් කාර්‍යාලයේ රිසිට් පත;
●    ඔබ පදිංචි ලියකියවිලි Questura හට ඉදිරිපත් කර ඇත්නම් Questura හින් දුන් රිසිට් පත;
●    ඔබ ආගන්තුකයෙකු නම් (ospite) ඔබ විසින් ගෙන යා යුතුය:
1.    ඔබහට පදිංචිය දෙන කෙනාගේ කමැත්ත ප්‍රකාශ කරන ආකෘතිය සහ ඔහුගේ හැදුනුම්පතේ පිටපතක්;
2.    ඔබහට පදිංචිය දෙන නිවසේ හිමිකරුගේ කමැත්ත ප්‍රකාශ කරන ආකෘතිය සහ ඔහුගේ හැදුනුම්පතේ පිටපතක්.

පදිංචිය ඉල්ලීම සහ වෙනස් කිරීමට තවත් ක්‍රමයක් තිබේද? / C’è un altro modo per chiedere o cambiare la residenza?
ඔව්, සියලු ලියකියවිලි සකසාගෙන ඔබට එය තැපෑලෙන් lettera raccomandata A/R එකක් විසින් හෝ ඊමේල් ලිපිනයට PEC (posta elettronica certificata) මගින් Comuneහී යැවිය හැකිය. නමුත් ඔබ දැනුවත්විය යුතුය Comuneහී Anagrafeකාර්‍යාලය වෙතින් සියල්ල යැවීමට පෙර.

තොරතුරු සඳහා / Per informazioni

Comuneහී Anagrafeකාර්‍යාලය
Ufficio Anagrafe del Comune

Aggiornamento: febbraio 2019

 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione