Regione Toscana
ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා - Visto per studio o tirocinio

ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා - Visto per studio o tirocinio

ඉගෙනීමට හා රැකියා පුහුණුවට ඉතාලියට ඇතුල් වීමට අවසර ලැබෙන්නේ යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති විදේශිකයන්ට වන අතර ඔවුන්ට ගමන් බලපත්‍රය හා ඉගෙනීමට/රැකියා පුහුණුවට ඇති වීසා තිබිය යුතුය.

වීසා සමහර රටවල් වල විදේශිකයන්ට අවශ්‍ය නොමැත: රටේ පුරවැසි භාවය අනුව, ස්ථීර පදිංචිය ඇති රට, නේවාසිකව සිටින කාල සිමාව හා එයට හේතු අනුව ඉතාලියට ඇතුල් වීමට වීසා අවශ්‍යද කියා මෙම www.esteri.it/visti  වෙබ් අඩවියෙන්  දැනගත හැකිය.

ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා කුමක්ද

ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා මගින් ඉතාලියට ඇතුල් වී දීර්ඝ කාලයකට රැඳී සිටිය හැකි නමුත් එයට අවසන් කාලයක් ඇත. මෙ මගින් විශ්ව විද්‍යාලයට යාමට, උසස් අධ්‍යාපනය හැදැරීමට, රැකියා සම්බන්ධ උගන්වන පාඨමාලාවක් හැදැරීමට  හා රැකියා පුහුණු වීම යන දේවල් කල හැකිය.

ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා ඉල්ලුම් කිරීමට හැකිවන්නේ කාහටද

  • පැමිණි රටේ ඉගෙනීම අනුව අවුරුදු 18න් ඉහල ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට හැකිය;
  • උසස් අධ්‍යාපනය හැදැරීමට අවසර ලැබුනු අවුරුදු 18න් ඉහල ශිෂ්‍යයන්ට ;
  • Ministero degli Affari Esteri  හා Ministero dell’Istruzione හි අවසරය තිබෙන, රටවල් අතර හුවමාරු වන වැඩ සටහන් කරන  ශිෂ්‍යයන්ට හෝ සංස්කෘතික වැඩ සටහන් වලට පෙනී සිටින වයස අවුරුදු 14 - 18 අතර ශිෂ්‍යයන්ට;
  • ඉතාලි රජයේ සංවර්ධන වැඩ සටහන් වලට එකතු වන යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති විදේශිකයන්ට;
  • දියුණු පර්යේෂන කටයුතු වලට හෝ උසස් සංස්කෘතික කටයුතු වලට එකතු වන යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති විදේශිකයන්ට;
  •  පුහුණුවන පාඨමාලාවට එකතු වන වයස අවුරුදු 18න් ඉහල යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති විදේශිකයන්ට (අවුරුද්දකට නියමිත ප්‍රමාණය පරික්ෂා කිරීමෙන් පසු);
  • රැකියාවන් සඳහා ඉගෙනීමට ඇති පාඨමාලාවන්ට එකතු වන වයස අවුරුදු 18න් ඉහල ශිෂ්‍යයන්ට. (අවුරුද්දකට නියමිත ප්‍රමාණය පරික්ෂා කිරීමෙන් පසු). ඉගෙනීමට වීසා අවශ්‍ය කරන ටොස්කානා පලාතේ පාඨමාලාවල් දැන ගැනීමට මෙම  ටොස්කානා පලාතේ   ලැයිස්තුව බලන්න.

අවශ්‍ය වන ලියකියවිලි

  • වීසා ඉල්ලුම් කරන පෝර්මය (Ministero degli Esteri වෙබ් අඩවියෙන් පෝර්මය ලබා ගන්න);
  • හැඳුනුම් පතේ ප්‍රමාණය අනුව ඇති ඡායාරුප 1ක්;
  • වලංගු ඇති ගමන් බලපත්‍රය (වීසා වලංගු කලයට වඩා ගමන් බලපත්‍රයේ වලංගු කාලය අඩුම වශයෙන් මාස 3ක වැඩි කාලයක් තිබිය යුතුයි.;
  • ඉතාලියේ ජිවත් වීමට ප්‍රමාණවත් මුදලක් තිබෙන බව  (Ministero degli Esteri හි ලැයිස්තුව බලන්න), හෝ ඉගෙනීමට විනිමයක් ඇති බව පෙන්විය යුතුයි (ඉගෙනීමට ඇති විනිමයේ මුදල ලයිස්තුවේ ඇති ගණනට වඩා නොඅඩු විය යුතුයි....);
  • බෙහෙත් ලබා ගැනීමට හා රෝහලේ නැවතීමට සෞඛ්‍යය රක්ෂනයක්  ඇති බව පෙන්විය යුතුයි (ශිෂ්‍යයා පැමිණි රට හා ඉතාලිය අතර ගිවිසුමක් ඇතිනම්, රක්ෂනයක් අවශ්‍යය නොමැත);
  • ඉතාලියේ දී කරන  පාඨමාලාවට ලියාපදිංචි වුන බව හෝ පර්යේෂන කටයුතු කරන බව පෙන්විය යුතුයි;
  • පදිංචියට ස්ථානයක් ඇති බව: හෝටල් වෙන්කරවා ගැනීම, ඉතාලියේ ස්ථීර පදිංචිය ඇති  ඉතාලි ජාතිකයෙකු හෝ යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති විදේශිකයෙකු විසින්  දෙන ආගන්තුක සත්කාර ලියවිල්ල.

මෙම අවස්ථා වලදී අවශ්‍ය වන ලියකියවිලි

  • විශ්ව විද්‍යාලයේ ඉගෙනුම හැදෑරීමට ලියවීම: අධ්‍යාපන අමාත්‍යාංශයේ (Ministero dell’Istruzione) වෙබ් අඩවිය බලන්න: www.studiare-in-italia.it;
  • රැකියාවන් සඳහා ඉගෙනීමට ඇති පාඨමාලාවන්ට:
    • පැමිණි රටේ ඉගෙනුම කල ලියකියවිලි;
    • තමා බලාපොරොත්තු වු පාඨමාලාවට ලියාපදිංචි වුන බව පෙන්වීම (පාඨමාලාවේ වැඩ සටහන, පවතින කාලය හා ලබාගත් සහතික පෙන්වීම සහා වෙනත් දේවල්).  පාඨමාලාව සංවිධානය කිරීමට හැකිවන්නේ අවසර ඇති බල මණ්ඩලයකින් පමනයි (ටොස්කානා පලාතේ  ලැයිස්තුව බලන්න).  පාඨමාලාවේ කාලය මාස 24කට වැඩි නොවිය යුතු අතර අවසානයේදී පුද්ගලයා ලබාගත් සුදුසුකම් සහතික කල යුතුය;
  • රටවල් අතර හුවමාරු වන වැඩ සටහන: යුරෝපයේ හෝ ඉතාලියේ අවසර තිබෙන රටවල් අතර හුවමාරු වන වැඩ සටහනට ලියවීම (උදා: Erasmus Plus);
  • රැකියා පුහුණුවට: පුහුණු වීමට ඇති ලියකියවිලි. පුහුණු වීම කරන්නේ රැකියාව ලබා දෙන පුද්ගලයා හා යෝජනා කල තැනැත්තාගේ ගිවිසුමක් මගිනුයි.

වීසා ඉල්ලුම් කරන්නේ කොහේද
ඉගෙනීමට ඇති වීසා ඉල්ලුම් කිරීමට හැකිවන්නේ තමාගේ රටේ ඉතාලි තනාපති කාර්‍යාලයෙන් හෝ කොන්සල් ආයතනයෙනුයි.
විදේශ රටවල් වල ඇති ඉතාලි තානාපති කාර්‍යාල හෝ කොන්සල් ආයතන සම්බන්ධ කර ගැනීමට ඇති අංක.

විදේශිකයා වීසා ලැබීමෙන් පසු කල යුතු දේවල්
යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති විදේශිකයා ඉතාලියට ඇතුල් වීමෙන් පසු දවස් 8ක් ඇතුලත තැපැල් හලේ “Sportello Amico”  කවුළුවට ගොස් රැඳී සිටීමේ බලපත්‍රයට ඉල්ලුම් කරන්න. ( බලන්න ඉගෙනීමට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රය).

වැඩි තොරතුරු දැනගැනීම සඳහා මෙම වෙබ් අඩවි බලන්න

http://vistoperitalia.esteri.it
www.studiare-in-italia.it
http://www.universitaly.it/

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione