Regione Toscana
ඉතාලියේ වැඩිහිටි වයසට පැමිණි ශිෂ්යයකු සඳහා හෝ ඉතාලියේදී උපාධියක් හෝ උසස් උපාධියක් ගත් පසු ඉගෙනීමට තිබෙන බලපත්‍රය කෙනෙක් යටතේ කරන රැකියාව​ සදහා තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීම.

ඉතාලියේ වැඩිහිටි වයසට පැමිණි ශිෂ්යයකු සඳහා හෝ ඉතාලියේදී උපාධියක් හෝ උසස් උපාධියක් ගත් පසු ඉගෙනීමට තිබෙන බලපත්‍රය කෙනෙක් යටතේ කරන රැකියාව​ සදහා තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීම.

Conversione del permesso di soggiorno per studio in permesso di soggiorno per lavoro subordinato per lo studente che ha raggiunto la maggiore età in Italia (18 anni) o che si è laureato in Italia (o che ha ottenuto titoli post-laurea in Italia)

 

මම උපාධිය ලැබුවා/මම ඉතාලියේ අවුරුදු 18 උනවන අතර සතියකට පැය 20 කට වඩා වැඩ කිරීමට මට අවශ්යයි.

 

මම කොහොමද ඒක කරන්නේ? Come devo fare?
ඉගෙනීමට තිබෙන බලපත්‍රය රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට වෙනස් කළ යුතුය

රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීම කිරීමට හැකි මොන අවස්තාවේදීද​? In quale caso posso fare la domanda di conversione del permesso di soggiorno?
ඔබට එය කල හැකිවන්නේ ඔබ සතුව ඉගෙනීමට,පුහුනුවට තිබෙන රැදීසිටීමේ බලපත්‍රය කල් ඉකුත්වූ නැතිව (හෝ කල් ඉකුත්වූ රැඳී සිටීමේ බලපත්‍රය අළුත් කිරීම​ ඉල්ලූ රිසිට්පත) තිබේනම්​ සහ​ ඔබට කෙනෙක් යටතේ කරන රැකියාක් සදහා යෝජනාවක් තිබේන.රැකියා යොජනාව මාස 6 වඩා විය යුතුය සහ සතියට අවම වශයෙන් පැය 20 විය යුතුය​.

ඉල්ලීම කළ යුතු කවදාද? Quando devo fare la domanda?
ඔබට ඕනෑම අවස්ථාවක අයදුම් කළ හැකිය(Decreto Flussi අවශ්ය නොවේ)මෙසේ නම්:
ඔබ​ ඉතාලියේ වැඩිහිටි වයසට පැමිණිනම්

හෝ

ඔබ ඉතාලියේ මෙම උපාධිවලින් එකක් ලබාගෙන තිබේනම්:

  • උපාධිය
  • විශේෂඥ උපාධිය
  • විශේෂඥ ඩිප්ලෝමා
  • PhD උපාධිය
  • පළමුවන මට්ටම විශ්ව විද්යාල මාස්ටර්
  • දෙවන මට්ටමේ විශ්වවිද්යාල මාස්ටර්
  • සහතික කිරීම හෝ සුදුසුකම් ඩිප්ලෝමාව

ඉල්ලීම කළ යුතු කොහොමද? Come devo fare la domanda?

  1. ලියාපදිංචි වන්න ප්රශ්න යොමු කිරීම සඳහා අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ වෙබ් අඩවිය:

https://nullaostalavoro.dlci.interno.it

  1. අඩවියේ “Richiesta moduli" තෝරන්න
  2. තෝරන්න “Richiesta di convocazione per la stipula del contratto di soggiorno per stranieri che hanno raggiunto la maggiore età o che hanno conseguito diploma di laurea o di laurea specialistica in Italia – Modulo V2”
  3.  අන්තර්ජාලයහි ඉල්ලුම් පත්‍රය පුරවන්න​
  4.  “Invia”ඔබා යවන්න​

ඔබේ අයදුම්පත යැවීමට උදව් ලබාගැනීමට ඔබ  Sportelli immigrazione  වෙත යන්න

 

ප්‍රශ්නය ඉදිරිපත් කිරීමෙන් පසු මා කරන්නේ කුමක්ද? Cosa devo fare dopo aver inviato la domanda?

1. Prefettura ඉදිරිපත් වන්න​ දිනයක් සමඟ ලිපියක් ඔබ වෙත එවිය යුතුය ඉදිරිපත් කළ යුතු ලේඛන ලැයිස්තුව සමග :

  • යුරෝ 16 ක මුද්දරයක්
  • කල් ඉකුත් වී නැති ඉගෙනීමට තිබෙන බලපත්‍රය හෝ කල් ඉකුත් ,වූ රැඳී සිටීමේ බලපත්‍රය අළුත් කිරීම​ ඉල්ලූ රිසිට්පත
  • ඔබගේ සේවායෝජකයාගේ කල් ඉකුත් වී නැති හැඳුනුම්පතේ ඡායා පිටපතක්
  • ඔබගේ කල් ඉකුත් වී නැති හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක්
  • Agenzia delle Entrate  ලියාපදිංචි වූ contratto d’affitto (කුලී කොන්ත්‍රාත්තුව) හෝ cessione di fabbricato සන්නිවේදනය
  • ඉතාලි විශ්ව විද්‍යාලය විසින් ලබාගත් උපාධි සහතිකය

Prefettura, modulo V2 වලින් ප්‍රකාශ කරන ලද දේවල්වල​ සහ​ ඔබ යොමුකල​ ලියකියවිලි අතර​ සමාන බව පරීක්‍ෂා කරයි.
හැමදෙයක්ම සමානනම්,හරිනම්, Prefettura විසින් වෙනස්කිරීම අනුමැති කරලා ඔබ හට contratto di soggiornoව ලබාදෙනවා.
ඔබ එහි පිටපත් තුනක් අත්සන්කර, එම පිටපත් ඔබගේ සේවායෝජකයා හට අත්සන්කිරීම සදහා.

2. Prefettura හට යන දෙවනි දිනයේදී ඔබ සහ ඔබගේ සේවායෝජකයා අත්සන්කර පිතපත් සහ යූරෝ 16 මුද්දරයක් රැගෙනයායුතුය​.

ඉන්පසුව​ prefettura ඔබහට Kit (il Modello 209 e la busta) ලබාදෙනවා,රැඳී සිටීමේ බලපත්‍රයට ඉල්ලීමට.ඔබ එය අත්සන් කර යුතුය​.

මෙය තැපැල් කාර්‍යලයකින් තැපැල් කිරීමට පෙර, මෙම ලියකියවිලි ඡායා පිටපත්කරගන්න​

    රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුමේ ඡායා පිටපත් 4 (Modello 209) Prefettura හී අත්සන්කල​

        එක් ඡායා පිටපතක් ගෙදර තියාගන්න​

        එක් ඡායා පිටපතක් questura හට රැගෙනයන්න​ (තැපැල් කාර්‍යාලය විසින් ඔබහට දුන් ඉදිරිපත් වන්න දිනයේදී රැගෙනයන්න​)

        එක් ඡායා පිටපතක් comune හට රැගෙනයන්න(පදිංචි සහ හැදුනුම්පත ඉල්ලීම සදහා)

        එක් ඡායා පිටපතක් ASL හට රැගෙනයන්න(සෞඛ්‍ය කාඩ්පත ඉල්ලීම)

    contratto di soggiorno හී ඡායා පිටපත් දෙකක් Prefettura හී අත්සන්කල​:

            එක් ඡායා පිටපතක් අයදුම්පත ඉල්ලුම් කරන කවරයේ දමන්න​

            එක් ඡායා පිටපතක් Questura හට රැගෙනයන්න​

3. ඉන්පසුව ඔබ තැපැල් කාර්‍යාලයක,Sportello Amico හට ගිහින් එය තැපැල්කරන්න Prefettura මගින් දුන් කවරය පාවිච්චිකර​, රැදී සිටීමේ බලපත්‍රය ඉල්ලීම (Modulo 209) සහ මෙම ලියකියවිලි සමග​:

  • ඔබගේ විදේශ ගමන් බලපත්රයෙහි ඡායා පිටපත් (ඡායාරූප, වීසා සහ මුද්දර සහිත පිටු පමණක්)
  • contratto di soggiorno හී ඡායා පිටපතක්
  • කල් ඉකුත් වී නැති ඉගෙනීමට තිබෙන බලපත්‍රය හෝ කල් ඉකුත්වූ රැඳී සිටීමේ බලපත්‍රය අළුත් කිරීම​ ඉල්ලූ රිසිට්පත
  • රැඳී සිටීමේ බලපත්‍රය වෙනුවෙන් කරනලද ගෙවීමේ රිසිට්පත​

තැපැල් කාර්‍යාලය ඔට දෙනුම්දෙනවා ඔබ  Prefettura වෙත යන්න ඔනා දවස සහ ඔබට රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කරපු රිසිට්පත ඔබටහට දෙනවා.
අවධානය සදහා: ඉතාලියේ රැඳී සිටීමට හැකි බව පෙන්නුම් කරන මෙම රිසිට්පත ඉතා වැදගත් ය.

questura වෙත ගෙනිය යුත්තේ කුමක් ද? Cosa devo portare in Questura?
questura වෙත ගෙනිය යුත්තේ ඡායාරූප 4 ක් formato tessera(කාඩ්පත් මිනුමේ), contratto di soggiorno හී ඡායා පිටපතක්,රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීමෙහි ඡායා පිටපතක්(modulo209). මෙහිදී ඔබගේ ඇඟිලි සලකුණු ලබාගන්නවා ඇත​

රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද? Quanto tempo serve per avere il permesso?
ඔබට Questuraහින් sms මගින් දැනුම්දෙනවා ඔබ එහි ආගමන විගමන කාර්‍යාලය වෙත​ යන්නට අවශ්‍ය දිනය රැඳී සිටීමේ බලපත්‍රය ලබාගැනීම සදහා.
ඔබගේ රැඳී සිටීමේ බලපත්‍රය ගැන විස්තර දැනගැනීමට රජ්‍ය පොලිස් ස්ථානයෙහි වෙබ් අඩවියට යා හැකි http://questure.poliziadistato.it/stranieri

විස්තර සදහා

රැඳී සිටීමේ බලපත්‍රය මාරු කිරීමට ඉල්ලීම සදහා  Prefettura (Sportello Unico per l’Immigrazione)
රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීම සදහා Questura (Ufficio Immigrazione)

Aggiornamento: novembre 2017

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione