Regione Toscana
ඉගෙනීමට තිබෙන බලපත්‍රය ස්වයං රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීම / Conversione del permesso di soggiorno per studio in permesso di soggiorno per lavoro autonomo

ඉගෙනීමට තිබෙන බලපත්‍රය ස්වයං රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීම / Conversione del permesso di soggiorno per studio in permesso di soggiorno per lavoro autonomo

මම ශිෂ්‍යයෙක් මට ස්වයං රැකියාවක් කරන්න ඕනෑ.

මම කොහොමද ඒක කරන්නේ? Come devo fare?
ඉගෙනීමට තිබෙන බලපත්‍රය ස්වයං රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට වෙනස් කළ යුතුය.

ඉල්ලීම කළ යුතු කවදාද? Quando devo fare la domanda?
සෑම වර්ෂයකම ලබාගත හැකි ආසන සංඛ්යාව නියම කරන Decreto flussi, Gazzetta Ufficiale නිල ගැසට් පත්රයේ ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ඉගෙනීමට තිබෙන බලපත්‍රය ස්වයං රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට වෙනස් කිරීම සඳහා ඉල්ලුම් කළ යුතුය.(Decreto flussi ගැන​ විස්තර සදහා Sportelli immigrazione විමසන්න).​

අවධානය සදහා: ඔබට ඕනෑම අවස්ථාවක අයදුම් කළ හැකිය,ඉතාලියේ වැඩිහිටි වයසට පැමිණිනම් හෝ ඉතාලියේදී උපාධියක් හෝ උසස් උපාධියක් ලබාඇතිනම්.
(මෙම තොරතුරු සදහා පත්රිකාව බලන්න)

අයදුම් කිරීම කරන්නේ කෙසේද​? Come devo fare la domanda?

  1. ලියාපදිංචි වන්න ප්රශ්න යොමු කිරීම සඳහා අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ වෙබ් අඩවිය: https://nullaostalavoro.dlci.interno.it
  2. අඩවියේ “Richiesta moduli" තෝරන්න
  3. තෝරන්න Modulo Z – Domanda di verifica della sussistenza di una quota per lavoro autonomo e di certificazione attestante il possesso requisiti per lavoro autonomo
  4. අන්තර්ජාලයහි ඉල්ලුම් පත්‍රය පුරවන්න​
  5. “Invia”ඔබා යවන්න​

ප්‍රශ්නය ඉදිරිපත් කිරීමෙන් පසු මා කරන්නේ කුමක්ද? Cosa devo fare dopo avere inviato la domanda?

 1. ඔබ Decreto flussiතුල​ තිබෙන ස්ථාන වලට ඇතුලත්නම් ,Prefettura ඉදිරිපත් වන්න​ දිනයක් සමඟ ලිපියක් ඔබ වෙත එවිය යුතුය ඉදිරිපත් කළ යුතු ලේඛන ලැයිස්තුව සමග :

  • යුරෝ 16 ක මුද්දරයක්

  • කල් ඉකුත් වී නැති ඉගෙනීමට තිබෙන බලපත්‍රය හෝ කල් ඉකුත් ,වූ රැඳී සිටීමේ බලපත්‍රය අළුත් කිරීම​ ඉල්ලූ රිසිට්පත

  • ඔබගේ කල් ඉකුත් වී නැති හැඳුනුම්පතේ සහ එහි ඡායා පිටපතක්

  • ලියාපදිංචි වූ contratto d’affitto (කුලී කොන්ත්‍රාත්තුව) හෝ cessione di fabbricato සන්නිවේදනය

  • ඔබ කරන්න යනස්වයං රැකියාවට අනුව වෙනත් ලියකියවිලි රැගෙන යාමට ඔබට සිදු වේ. විවිධ වර්ගයේ ස්වයං රැකියා සඳහා අවශ් ලියකියවිලි

2. Prefettura ,modulo Z වලින් ප්‍රකාශ කරන ලද දේවල්වල​ සහ​ Kit එකෙන් තැපැල් කරන ලද ස්වයං රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීම සදහා යොමුකල​ ලියකියවිලි අතර​ සමාන බව පරීක්‍ෂා කරයි.ඔබ එය අත්සන් කර යුතුය​.

3. ඉන්පසුව ඔබ තැපැල් කාර්‍යාලයක,Sportello Amico හට ගිහින් එය තැපැල්කරන්න Prefettura මගින් දුන් කවරය පාවිච්චිකර​, ඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීම (Modulo 209) සහ මෙම ලියකියවිලි සමග​:

  • ඔබගේ විදේශ ගමන් බලපත්රයෙහි ඡායා පිටපත් (ඡායාරූප, වීසා සහ මුද්දර සහිත පිටු පමණක්)

  • ඉගෙනීමට තිබෙන බලපත්‍රයෙහි ඡායා පිටපත්

  • රැඳී සිටීමේ බලපත්‍රය වෙනුවෙන් කරනලද ගෙවීමේ රිසිට්පත​

තැපැල් කාර්‍යාලය ඔට දෙනුම්දෙනවා ඔබ Prefettura වෙත යන්න ඔනා දවස සහ ඔබට රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කරපු රිසිට්පත ඔබටහට දෙනවා.

අවධානය සදහා: ඉතාලියේ රැඳී සිටීමට හැකි බව පෙන්නුම් කරන මෙම රිසිට්පත ඉතා වැදගත් ය.

Questura වෙත ගෙනිය යුත්තේ කුමක් ද? Cosa devo portare in Questura?
වෙත ගෙනිය යුත්තේ ඡායාරූප 4 ක් formato tessera(කාඩ්පත් මිනුමේ), රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීමෙහි ඡායා පිටපතක්(modulo209). මෙහිදී ඔබගේ ඇඟිලි සලකුණු ලබාගන්නවා ඇත​

රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද? Quanto tempo serve per avere il permesso?

ඔබට Questuraහින් sms මගින් දැනුම්දෙනවා ඔබ එහි ආගමන විගමන කාර්‍යාලය වෙත​ යන්නට අවශ්‍ය දිනය රැඳී සිටීමේ බලපත්‍රය ලබාගැනීම සදහා.
ඔබගේ රැඳී සිටීමේ බලපත්‍රය ගැන විස්තර දැනගැනීමට රජ් පොලිස් ස්ථානයෙහි වෙබ් අඩවියට යා හැකි http://questure.poliziadistato.it/stranieri

විස්තර සදහා

රැඳී සිටීමේ බලපත්‍රය මාරු කිරීමට ඉල්ලීම සදහා Prefettura (Sportello Unico per l’Immigrazione)
රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීම සදහා Questura (Ufficio Immigrazione)

Aggiornamento: novembre 2017

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione