Regione Toscana
වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියාවට ඇති නුල්ලා ඔස්තා හා වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියාවට ඇති රැඳී සිටීමේ බලපත්‍රය - Nullaosta e permesso di soggiorno per lavoro stagionale

වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියාවට ඇති නුල්ලා ඔස්තා හා වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියාවට ඇති රැඳී සිටීමේ බලපත්‍රය - Nullaosta e permesso di soggiorno per lavoro stagionale

වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියාවට ඇති නුල්ලා ඔස්තා යනු කුමක්ද

මෙය අවශ්‍ය වන්නේ යුරෝපා සංගමයේ රටවල්වලට අයිති නොමැති විදේශිකයකු වසරේ කාල සිමාවකට පමනක් රැකියාව කිරීම සඳහායි ( අවුරුද්දේ විශේෂ කාලයකට පමනක් සීමාවු).
විදේශිකයකුට වෙනත් කෙනෙකු යටතේ රැකියාවක් කිරීමට විසා ලබාගැනිමට හැකි අතර ඉතාලියට ඇතුල් වීමෙන් පසු වසරේ කාල සිමාවකට පමනක් අයත් රැඳී සිටීමේ බලපත්‍රයට ඉල්ලුම් කල හැක.

වසරේ කාල සිමාවකට පමනක් අයත් රැකියාවට ඇති නුල්ලා ඔස්තාවට ඉල්ලුම් කල හැකි වන්නේ කාටද

ඉල්ලුම් කිරීමට හැකිවන්නේ ඉතාලියේ ජීවත් වන රැකියා දෙන විදේශිකයකු හෝ  යුරෝපා සංගමයේ රටවල්වලට අයිති නොමැති විදේශිකයකුට වන අතර තමාට අයිති ව්‍යාපාරික ස්ථානයක් හා රැකියා කරන්නෙකු ලබා ගැනිමට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් තිබිය යුතුය.
එකම කෙනෙකු වෙනුවෙන්  එම කාල සීමාවලට අවශ්‍ය වන පරිදි රැකියාව දෙනු ලබන්නන් කීප දෙනෙකුටම ඉල්ලුම් කල හැකිය ( එකතු කිරීමේ ඉල්ලුම).

ඉල්ලුම් කල හැකි වන්නේ කවුරු වෙනුවෙන්ද

  • අනිවාර්‍ය යෙන්ම ඉගෙනීම කල යුතු කාලය අවසන් කල යුතු අතර වයස අවුරුදු 16 සම්පුර්ණ විය යුතුයි.
  • සෑම අවුරුද්දකම නිකුත් වන Gazzetta Ufficiale හි තිබෙන එම අවුරුද්ද වෙනුවෙන් කාලයකට පමනක් සීමා වු  රැකියා සඳහා ඇති Decreto Flussi හි තිබෙන රටවලට අයිති විදේශිකයන්ට.
  • රටවල් ලැයිස්තුව: Albania, Algeria, Bosnia-Herzegovina, Corea (repubblica di Corea), Egitto, Ex Repubblica Jugoslava di Macedonia, Filippine, Gambia, Ghana, Giappone, India, Kosovo, Marocco, Mauritius, Moldavia, Montenegro, Niger, Nigeria, Pakistan, Senegal, Serbia, Sri-Lanka, Ucraina හා Tunisia.

කාලයකට පමනක් සීමා වුරැකියාවට අවුරුදු දෙකක්ම එක දිගට පැමිනියුරෝපා සංගමයේ රටවල්වලට අයිති නොමැති විදේශිකයන් හා ඉහත සඳහන් කල රටවල විදේශිකයන් සඳහා රැකියා දෙනු ලබන්නාට අවුරුදු එකට වැඩියගණනක් සඳහාකාල සිමාවකට පමනක් අයත් රැකියාවට ඇති නුල්ලා ඔස්තා ඉල්ලුම් කල හැක.

නුල්ලා ඔස්තා ඉල්ලුම් කල හැකිවන්නේ කුමන කාලයකද

රැකියා දෙනු ලබන්නාට ඉල්ලුම් කල හැකිවන්නේ Gazzetta Ufficiale හි කාල සිමාවකට පමනක් සීමා වු Decreto Flussi නිකුත් වීමෙන් පසුවයි.

නුල්ලා ඔස්තා ඉල්ලුම් කරන්නේ කෙසේද:

  1.  Ministero dell’Interno හි වෙබ් අඩවියෙහි ලියාපදිංචි වෙන්න: https://nullaostalavoro.interno.it
  2. වෙබ් අඩවියෙන් “Richiesta Moduli” තෝරා ගන්න.
  3. Modulo C “Nulla Osta al lavoro subordinato stagionale” තෝරා ගන්න.
  4. ඉල්ලුම් පත්‍රය online හරහා පුරවන්න
  5. ඉල්ලුම් පත්‍රය “Invia” ක්ලික් කර යවන්න

ඉල්ලුම් පත්‍රය යැවිමට උදව් අවශ්‍යය නම් විදේශිකයන්ට ඇති Punti informativi  (තොරතුරු ලබා ගැනීමට) ස්ථානවලට යන්න.
රැකියා දෙනු ලබන්නන්ට තමන්ගේ රැකියා සමාගමේ මාර්ගයෙන් ඉල්ලුම් පත්‍ර යැවීමට හැකිය.

නුල්ලා ඔස්තා ඉල්ලුම් පත්‍රය පරික්ෂා කිරීම සඳහා online

රැකියාව දෙනු ලබන්නාට ඉල්ලුම් පත්‍ර පරික්ෂා කිරීම සඳහා මෙම වෙබ් අඩවියත යන්න: https://nullaostalavoro.interno.it

ඉල්ලුම් පත්‍රය යැවිමෙන් පසු රැකියාව දෙනු ලබන්නා කල යුතු දේවල්

රැකියාව දෙනු ලබන්නාට Prefettura මගින් අවශ්‍ය ලියකියවිලි රැගෙන පැමිණෙන ලෙස දැනුම් දෙයි:

  • Marca da Bollo හෝ online  මාර්ගයෙන් යැවු ඉල්ලුම් පත්‍රයට  පාවිච්චි කල  යුරෝ 16,00 imposta di bollo හි රිසිට් පත;
  • රැකියාව දෙනු ලබන්නා යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති විදේශිකයකු නම්: වලංගු ඇති රැඳී සිටීමේ බලපත්‍රයේ මුල් පිටපත  හා එහි අනු පිටපතක් හෝ අලුත් කිරීමට බාරදුන් රිසිට් පත;
  • රැකියාව දෙනු ලබන්නාගේ හැඳුනුම් පත හා එහි අනු පිටපතක්;
  • රැකියාවට එන අයගේ ගමන් බලපත්‍රයේ අනු පිටපතක්;
  • යුරෝ 16,00 marca da Bollo.

Prefettura මගින් මෙම ලියකියවිලි පරික්ෂා කිරීමෙන් පසු රැකියාව දෙනු ලබන්නාට නුල්ලා ඔස්තා නිකුත් කරනු ඇත. නුල්ලා ඔස්තා වෙන් රැකියාවට එන අය තමාගේ රටේ ඉතාලි තානාපති කාර්‍යාලයෙන් හෝ කොන්සල්  කාර්‍යාලයෙන් ඉතාලියට ඇතුල්විමට වීසා ඉල්ලුම් කල හැක.

රැකියාවට පැමිණි  පුද්ගලයා  ඉතාලියට පැමිණිමෙන් පසු රැකියාව දෙනු ලබන්නා සමඟ පහත සඳහන් ලියකියවිලි රැගෙන දවස් 8ක් ඇතුලත Prefettura ස්ථානයට යා යුතුය:

Prefettura ස්ථානයට යන දිනයේදි එමගින් පහත සඳහන් ලියකියවිලි තමාට බාරදෙයි:

  • Contratto di soggiorno (රැඳී සිටීමේ කොන්ත්‍රාත්තුව);
  • රැකියාවට පැමිණි  පුද්ගලයා  අත්සන් කල පසු රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කිරීමට අවශ්‍ය පෝර්මය (Modulo 209) ලැබෙනු ඇත.

රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කිරීමේ පෝර්මය යැවිය යුතු වන්නේ කෙසේද

රැකියාවට පැමිණි  පුද්ගලයා  තැපැල් කන්තෝරුවේ “Sportello amico”  තැනින් රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කිරීමට අවශ්‍ය Kit ලබා ගන්න (කවරය, පෝර්මය හා අවශ්‍ය උපදෙස්). පෝර්මය පිරවිමෙන් පසු රැඳී සිටීමේ බලපත්‍රයට ඉල්ලුම් කිරීම හා ලියකියවිලි යැවිය හැකිය.

තැපැල් කන්තෝරුවෙන් Kit යැවීමට පෙර පහත සඳහන් ලියකියවිලි වල අනු පිටපත් කරන්න:

  • Prefettura හි අත්සන් කල රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කිරීමේ පෝර්මයේ (Modulo 209) අනු පිටපත් 4ක් මෙම ස්ථානවලට ගෙන යා යුතුය:
    • Questura (තැපැල් කන්තෝරුවෙන් Questura යෑමට දුන් නියමිත දිනයට);
    • Comune (හැඳුනුම් පත හා ස්ථීර පදිංචිය ලබා ගැනීමට);
    • ASL(සෞඛ්‍යය කාඩ් පත ලබා ගැනීමට);
    • රැකියාවට පැමිණි  පුද්ගලයාට ලඟ තබා ගැනීමට.
  • Prefettura හි අත්සන් කල Contratto di soggiorno (රැඳී සිටීමේ කොන්ත්‍රාත්තුව) අනු පිටපත් 2ක්:
    • එක පිටපතක් Kit එක ඇතුලට දාන්න
    • අනිත් පිටපත Questura ස්ථානයට රැගෙන යන්න

රැකියාවට පැමිණි පුද්ගලයා විසින්  තැපැල් කන්තෝරුවේ “Sportello amico” මගින්, රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කිරීමේ පෝර්මය හා පහත සඳහන් වන ලියකියවිලි Prefettura ස්ථානයෙන් දෙන ලද කවරය තුලට දමා යැවිය යුතුය:

  • ගමන් බලපත්‍රයේ අනු පිටපත් (ඡායා රූපය ඇති පිටුව  හා වීසා පිටු පමනයි);
  • Contratto di soggiorno  (රැඳී සිටීමේ කොන්ත්‍රාත්තුව) අනු පිටපතක්;
  • වලංගු ඇති රැඳී සිටීමේ බලපත්‍රයේ අනු පිටපත හෝ අලුත් කිරීමට බාරදුන් රිසිට් පත;
  • රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීම සඳහා ගෙවු රිසිට් පත. (LINK a scheda pagamento pds)

තැපැල් හලේ සේවකයා විසින් රැකියාවට පැමිණි පුද්ගලයාට Questura ස්ථානයට පළමුව යෑමට ඇති දිනය හා රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කල බවට  දෙන තැපැල් රිසිට් පත ලැබෙයි.
මෙම තැපැල් රිසිට් පත වැදගත් වන්නේ පුද්ගලයා ඉතාලියේ නීත්‍යානු කුලව රැඳී සිටින බවටයි.

රැකියාවට පැමිණි පුද්ගලයා Questura  ස්ථානයේ දී කල යුතු දේවල්

Questura  ස්ථානයේ දී රැකියාවට පැමිණි පුද්ගලයා විසින් හැඳුනුම් පතේ ප්‍රමාණය අනුව ඇති ඡායා රූප 4ක්, Contratto di soggiorno  (රැඳී සිටීමේ කොන්ත්‍රාත්තුව) අනු පිටපතක් හා  Modulo 209 පෝර්මයේ අනු පිටපතක්  බාර දිය යුතු වන අතර ඇඟිලි සලකුණු දිය යුතුය.
රැකියාවට පැමිණි පුද්ගලයාට රැඳී සිටීමේ  බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් දන්වා SMS පණිවිඩයක් ලැබෙයි.
රැඳී සිටීමේ  බලපත්‍රය ඉල්ලුම් පත්‍රය පරික්ෂා කිරීම සඳහා online මාර්ගය
රැකියාව දෙනු ලබන්නාට ඉල්ලුම් පත්‍ර පරික්ෂා කිරීම සඳහා මෙම වෙබ් අඩවියට යන්න: http://www.poliziadistato.it/articolo/15002-Controlla_online_il_permesso_di_soggiorno/

තොරතුරු දැන ගැනීම සඳහා

Sportello Unico per l’Immigrazione (Prefettura di Firenze)
Via Giacomini, 8 – Firenze
දුර කථන අංකය  055 2783643 - සඳුදා, අඟහරුවදා, බදාදා හා බ්‍රහස්පතින්දා 9.00 - 12.00
ඊ-මේල්: immigrazione.pref_firenze@interno.it
සහතික කර ඇති ඊ-මේල්: immigrazione.preffi@pec.interno.it

Questura di Firenze
Via della Fortezza, 17 - Firenze
Fax 055 4977062
ඊ-මේල්: immigrazione.fi@poliziadistato.it
සහතික කර ඇති ඊ-මේල්: immig.quest.fi@pecps.poliziadistato.it

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione